ඉන්දියාවට සෑදූ Serendipity Next Door වීඩියෝව පැය 19කදී ලක්ෂ 50ක් බලලාලු

ඉන්දියාවට සෑදූ Serendipity Next Door වීඩියෝව පැය 19කදී ලක්ෂ 50ක් බලලාලු

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා නිකුත් කළ Serendipity Next Door නම් සන්නාම වීඩියෝව, එළිදක්වා පැය 19ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා ලක්ෂ 50කට ආසන්න පිරිසක් නරඹා ඇතැයි එම ගුවන් සේවය පවසයි. 

ඒ අනුව මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකන් වෙළෙඳනාම වීඩියෝවක් එවැනි විශාල ප්‍රමාණයක් නැරඹී පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක් බව එම සමාගම සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාවේ වීඩියෝවක් පැය 12ක කාලයක් තුළ දර්ශනවාර මිලියනයක් දක්වා වේගයෙන් ළඟා වූ පළමු වීඩියෝව ලෙසත් මෙය වාර්තා අතරට එක්වී තිබේ.

සිය විශාලතම විදේශ වෙළෙඳ පොළ වන ඉන්දියාව ඉලක්ක කරගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ඒ සඳහා මෙරට අතිශය ජනප්‍රියතම පුද්ගලයන් දෙදෙනකු වන බොලිවුඩ් කීර්තියට පත් ජැක්ලීන් ෆර්නැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාර නිරූපකයන් ලෙස යොදා ගැනීමට ඔවුන් කටයුතු යොදා ඇත. 

“මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකාව නමැති සුන්දර දූපතේ සතුටට පත් වන ආකාරය ජැක්ලින් ෆර්නැන්ඩස් සිය ප්‍රේක්ෂකයන්ට තොරතුරු හෙළි කරන අතර, සංගක්කාර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, ආහාරවල ප්‍රනීතභාවය සහ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය සංකේතවත් කරන ජාතික ගුවන් සේවයේ ගුවන් මැදිරියේ අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත රැගෙන යයි.” ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මේ වනවිට ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලකෙයි. එය ඉන්දියාවේ ප්‍රධාන කලාප 11ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 120ක් සිදු කරයි. එසේම කාලෝචිත සේවා සහ සංඛ්‍යාත වැඩි දියුණු කිරීම් සහ අනාගතයේදී නව නගර එකතු කිරීම තුළින් කලාපය තුළ තවදුරටත් ස්ථාවරව සිටීමට ගුවන් සේවය බලාපොරොත්තු තබා තිබේ.

Visits: 112

Leave a Reply

Your email address will not be published. Required fields are marked *