“ජාත්‍යන්තර රාමායන උත්සවය 2020” ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම්

“ජාත්‍යන්තර රාමායන උත්සවය 2020” ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම්

වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර රාමායන උත්සවයේ මීළග අවස්ථාව ශ්‍රී ලංකාවේදී සංවිධානය කිරීමට සැලසුම් සකස් කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහි පස්වැනි සහ අවසන් උත්සවය පසුගිය වසරේදී ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණි.

මෙම ජාත්‍යන්තර රාමායන උත්සවය සාර්ථක කරගැනීම සඳහා වන රාමායන පුහුණු වැඩසටහනක් පවත්වන්නට එම කාර්යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙරට සංචාරක වෙළෙඳාමේ නිරත පිරිස් වෙත පුහුණු සැසියක් පසුගියදා ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ රැස්වීම් ශාලාවේදී පැවැත්වී ඇත.

මේ හරහා රාමායන කතාන්දරයේ එන මංපෙත් පිළිබඳව මෙරට තුළ සංචාරක මෙහෙයුම් සිදු කරන්නන් සහ සංචාරක මාර්ගෝපදේශකයන් දැනුවත් කිරීම මෙම පුහුණු වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණු වූ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මෙහිදී අදාළ පුහුණු වැඩසටහන සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන එස්. කාලේසිල්වම් මහතා විසින් පවත්වා ඇත. ඒ මහතා ශ්‍රී ලංකාවේ රාමායන් යාත්‍රා නම් වැඩසටහනේ නිර්මාතෘවරයා වන අතර, අද වනවිට ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරයි.

මෙම පුහුණු අවස්ථාව සඳහා සංචාරක නියෝජිත ආයතන 47ක් නියෝජනය කරමින් සංචාරක නියෝජිතයන් 94 දෙනෙකු සහභාගි වූ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Visits: 31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *