ශ්‍රීලංකන් ගුවන් සේවය ‘සීෂෙල්ස් ගුවන් සේවය’ සමග එක්වී මෙහෙයුම් පුළුල් කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘සීෂෙල්ස් ගුවන් සේවය (Air Seychelles)’ සමග එක් වීකොළඹ සහ මහේ (Mahé ) අතර පියාසර කරන තම මගීන් සඳහා  ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නව හවුල්කාරීත්වය (codeshare) යටතේ  ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් ආසියාව, අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව පුරා විහිදුනු නව ගමනාන්ත වෙත බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි වේ. මෙම නව හවුල්කාරීත්වය (codeshare) 2024 මැයි මාසයේ සිට ක්‍රියාත්මකයි.

සීෂෙල්ස් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට මහේ (Mahé) දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ සිට මහේ (Mahé) වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශපත්‍රයක්මගින් සීෂෙල්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින්  ගමන් කළ හැක.

එමෙන්ම සීෂෙල්ස් ගුවන් සේවයේ  තනි ගුවන් ප්‍රවේශපත්‍රයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් ,ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව ඇතුලු ගමනාන්ත රැසක් වෙත ගමන් කිරීමට හැකි වීම මගීන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය.

මේ යටතේ මගීන් check-in වීම සහ ගමන් මලු භාරදීම සිදුකළ යුත්තේ තමන් පිටත් වන ගුවන් තොටුපළේදී පමණක් වන නිසා අතරමැදි ගුවන් තොටුපළවලදී යළි check-in වීමඅවශ්‍ය නොවේ.

නව හවුල්කාරිත්ව (codeshare) යටතේ ක්‍රියාත්මක ප්‍රවේශපත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ  සහ සීෂෙල්ස් ගුවන් සේවයේ හි මාර්ගගත මිලදී ගැනීමේ පහසුකම ඔස්සේ සහ විකුණුම් කාර්යාල හරහා මෙන්ම සංචාරක නියෝජිතායතන හරහා ද මිල දී ගත හැක.

“මෙම නව හවුල්කාරිත්වය හරහා අප්‍රිකානු කලාපයේ අපගේ මෙහෙයුම් ඉහළ නැංවීමට හැකි වීම පිළිබඳව සතුටුයි.එමෙන්ම ඉදිරියේදී අපගේ මගීන් වෙත අප්‍රිකානු කලාපයේ නව ගමනාන්ත හඳුන්වාදීමට අපි සීෂෙල්ස් ගුවන් සේවය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් (Richard Nuttall) මහතා පැවසී ය.

“සීෂෙල්ස් ගුවන් සේවය මේ වනවිට මාස 9 කට වැඩි කාලයක් කොළඹ සිට මහේ (Mahé) දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, මෙම ගුවන් මෙහෙයුම් ඉතා සාර්ථක වී තිබෙනවා. මෙම නව හවුල්කාරීත්වය (codeshare) අපගේ මෙහෙයුම් ජාලය ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක්. තනි ගුවන් ප්‍රවේශපත්‍රයක් මගින් ශ්‍රීලංකන්ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ආසියාවේ හා ඔස්ට්‍රේලියාවේ නගර රැසක් වෙත ගමන් කිරීමට හැකි වීම අපගේ මගීන්ට ඉමහත් පහසුවක් වනු ඇත.” සීෂෙල්ස් ගුවන් සේවයේ ප්‍රධානවාණිජ නිලධාරී  චාල්ස් ජොන්සන් (Charles Johnson) මහතා පැවසී ය.

Views: 0