2024 මාර්තු මාසයේ අපනයන කාර්ය සාධනයේ 9.77%ක වර්ධනයක්

2024 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,138.9 ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

මෙය 2023 වසරේ මාර්තු මාසයේදී වාර්තා කළ රුපිල් මිලියන 1037.5ක ආදායම හා සැසඳීමේදී 9.77% ක වර්ධනයකි.

එසේම 2024 මාර්තු මාසයේ අපනයන කාර්ය සාධනය පෙර මාසය වන 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 7.51% කින් වැඩි වීමක් පෙන්නුම් කර තිබේ.

මේ අතර, 2024 මාර්තු මාසය සඳහා සේවා අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 275.1 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 8.39% ක වැඩිවීමකි.

2024 මාර්තු මාසය සඳහා සමස්ත වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන ඇතුළුව මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස සටහන් වී තිබේ.

Views: 0