PGP Glass Ceylon PLC වෙතින් කොටසකට රුපියල් 1.55 බැගින් ලාභාංශ ගෙවීමක්

තොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත PGP Glass Ceylon PLC සමාගම (GLAS.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.55ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට කටයුතු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 16 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූලි 26 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇතිබවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 26 වැනිදා පැවැත්වීමටද නියමිතව තිබේ.

අද දිනයේදී PGP Glass Ceylon PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 28.20ක් ලෙස සටහන්ව තිබුණි.

PGP Glass Ceylon PLC සමාගම මේ දක්වා නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 950,086,080 කි. ඒ අනුව මෙම ලාභාංශ ගෙවීම හරහා ලබා දෙන මුදලේ වටිනාකම 1,472,633,424 ක් ලෙස සටහන්ව තිබේ.

2023 දෙසැමබර් 31 වැනිදා වනවිට PGP Glass Ceylon PLC සමාගමේ සමස්ත කොටස් හිමිකාරිත්වයෙන් 747‍්,236,631ක් එනම් 78.65%ක් DB International Trust (Singapore) Limited/ PGP Glass Private Limited වෙත හිමිය.

Views: 0