ITC Ratnadipa කොළඹදී විවෘත කරේ

ITC Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් මෙරට තුළ ඉදිකළ ITC Ratnadipa සුපිරි හොටල් සංකීර්ණය පසුගියදා විවෘත කරනු ලැබිණි.

ITC හෝටල් සමුහයේ හි ප්‍රධානතම අයිකනය වන මෙම ITC Ratnadipa සුපිරි හොටල් සංකීර්ණය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ඉන්දියාවේ ITC Ltd හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් පූරි යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව පසුගියදා (25) උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙම සුඛෝපභෝගී ගමනාන්තය, ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල් වලින් සරසාලනු ලැබූ සිත් පුබුදුවාලන ආශ්වාදජනක හැඟීමක් එක් කරන නිමැවුම් මෝස්තර සමුහයකින් නිර්මාණය කර ඇත. ITC Ratnadipa, අමුත්තන් සඳහා වූ කාමර 352 ක ගෘහස්ත කාමර (suites) හා මහල් නිවාස (apartments) වලින් සැදුම්ලත් අතර ඒ සෑම කාමරයක් සඳහාම පුද්ගලික බැල්කනි නිර්මාණය කරමින් ඈත සාගර ඉමේ මනරම් වූ දර්ශනයන් ඔබ ඉදිරියේ මවා දේ.

මෙම සුවිශේෂී හෝටල් සංකීර්ණය එක් පසෙකින් ඉන්දියන් සාගර වෙරළ තීරයට සහ අනෙක් පසින් බේරේ වැවට මායිම්ව පිහිටා ඇත. ITC Ratnadipa හෝටල් සංකීර්ණයට සහ Sapphire Residences සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය යන දෙඅංශයම ඉහළ මට්ටමේ සත්කාරක සේවාවන් නිරතුරුව ලබා දෙන අලංකාර වූ ගොඩනැගිලි යුගලයකින් සමන්විත වේ.

මීටර 100ක උසින් මෙම ගොඩනැගිලි ද්විත්වය එකින් එක සම්බන්ධ කරමින් නිර්මාණය කරනු ලැබූ ‘Ahasa’ හෙවත් ‘අහස් පාලම’ ගෘහනිර්මාණ ශිල්පයේ විශ්මිත වූ නිමැවුමක් වන අතර එවැනි ආකාරයේ වාණිජ ඉදිකිරීමක් මෙරටේ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ITC Ratnadipa හෝටල් සංකීර්ණය විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ITC Ltd හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ සන්ජීව් පූරි මහතා මෙසේ පැවසීය. ” ITC කියන්නේ පාරිභෝගික භාණ්ඩ, හෝටල්, කඩදාසි සහ ඇසුරුම්, කෘෂි ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ සේවා සහිතව ක්‍රියාත්මක වන ඉන්දියාවේ ප්‍රධානතම බහුවිද සමූහ ව්‍යාපාරයක්. අප සමාගම වසර ගණනාවක් පුරා, ITC හෝටල් හි ක්‍රියාත්මක දර්ශනය තුළින් කලාපයට අනන්‍ය වූ ගෘහ නිර්මාණ ශිල්පය, වටිනා සංස්කෘතිය සහ විභූතිය විදහා දැක්වෙන සුවිශේෂී දේපළ ඉදිකිරීම් ඉන්දියාව පුරා ගොඩනගා තිබෙනවා. මෙම ලෝක මට්ටමේ හෝටල් සමූහය ගෝලීය වශයෙන් පිළිගැනෙන අවේනික වූ ආහාර වර්ග හා හොඳම පන්තියේ සේවාවන් පිරිනමමින්, සුඛෝපභෝගීත්වයේ ආචාර ධර්ම සඳහා මුල් තැනක් ලබා දෙමින් වගකීම් සහිතව කටයුතු කරනවා.”

Views: 0