TRI-ZEN මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් අදියරේ – නිවාස අතරින් 80%ක් අලෙවි වෙලා

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන වන John Keells Properties සමාගම තම ප්‍රමුඛතම නාගරික මෙට්‍රොපොලිටන් මහල්  නිවාස සංවර්ධන ව්‍යාපෘතිය  TRI-ZEN හි වැඩකටයුතු  නිම කිරීමට ආසන්න බව එම සමාගම සාඩම්බරව දන්වා සිටියි.

කොළඹ නගර මධ්‍යයේ මහල් නිවාසයක් මිලදී ගැනීමට බලාපොරත්තු වන ගැනුම් කරුවන් සඳහා තවත් සීමිත නිවාස ඒකක සංඛ්‍යාවක් ඉතිරිව ඇති අතර, දැනටමත් ඔවුන් සම්පූර්ණ නිවාස ඒකක  සංඛ්‍යාවෙන් 80% ක් තම ගැනුම්කරුවන් වෙත අලෙවි කර අවසන්ය.

තාක්ෂණයත් සමග ඉදිරියට යාමට බලාපොරොත්තු වන ගැනුම් කරුවන්ට, සුව පහසුව සහ  ස්මාර්ට් තාක්ෂණය එක්වූ  අත්දැකීමක්   TRI-ZEN  මහල් නිවාස ව්‍යාපෘතිය මගින් හිමිවේ.

TRI-ZEN මහල් නිවාස ව්‍යාපෘතිය නාගරික පදිංචිකරුවන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි නිර්මාණය කර ඇත. බිම් මට්ටමේ සිටම ස්මාර්ට් තාක්ෂණය සහ නවීනත්වය කැටිකර ගනිමින්, කොළඹ නගර මධ්‍යයේ  සුව  පහසු ජීවන රටාවක් භුක්තිවිඳීමට මෙම මහල් නිවාස සංකීර්ණයේ  පදිංචිකරුවන්ට ඉඩ සලසා දී තිබේ.

මෙම  මහල් නිවාසය කොළඹ නගර මධ්‍යයේ පිහිටා තිබීම ඇතුළු කොළඹ නගරය ප්‍රධාන කරගත්  පොදු ප්‍රවාහන සේවයට,  ව්‍යාපාරික මධ්‍යස්ථානවලට, පාසල් සහ රෝහල් ඇතුළු, පූජනීය ස්ථාන වලට මෙන්ම    විනෝදාස්වාදය   සඳහා සුඛෝපභෝගී හෝටල් සහ සුපිරි අවන්හල් වෙත ද පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වය වේ.

John Keells සමුහයේ දේපල අංශයේ අංශ ප්‍රධානි සහ විධායක උප සභාපති, ඉනෝක පෙරේරා, මෙම  ව්‍යාපෘතිය පිලිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “විශිෂ්ඨත්වය සඳහා අපගේ නොසැලෙන කැපවීම මනාව පිළිබිඹු කිරීමේ සාක්ෂියක් ලෙස, දැනට වැඩ නිම කෙරෙමින්  පවතීන TRI-ZEN මහල් නිවාස ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. TRI-ZEN යනු සාමාන්‍ය නිවාස සංකීරණයකට වඩා වැඩි යමක් තම නේවාසිකයන්   වෙත ලබා දෙන ව්‍යාපෘතියකි. නගර මධ්‍යයේ ජිවත් වෙමින්, නවීනත්වය, සුව පහසුව සමග  අද්විතීය ජීවන රටාවකට හිමිකම් කිව හැකි, ඔබගේ ජීවිතය උපරිම ලෙසින් විඳීමට TRI-ZEN පහසුකම් සලසා ඇත.”

ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විත මෙම TRI-ZEN මහල් නිවාස සංකීර්ණයට නිදන කාමර 1 සිට කාමර 3ක් දක්වා වූ නිවහන් 891 ඇතුළත් වේ. හරිත අවකාශයකින් වටවූ, ව්‍යායාම් සඳහා ධාවන පථයක්, පිහිනුම් තටාකයක්, ශාරීරික සුවතා සහ ක්‍රීඩා අංගනයක් වැනි  පහසුකම් රාශියක් මෙම නිවාස සංකීරණයට එක්  කර ඇත.

Views: 0