2023 මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් පහළට – කාලේ බෝතල් නිෂ්පාදනය මිලියන 15කින් අඩුවෙලා

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 (කාල) මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි.

2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබේ.

2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 (භාග) බෝතල් ප්‍රමාණය වෙනුවට 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයකි.

2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති තිබේ.

Views: 0