වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්නැයි මුදල් රාජ්‍ය ඇමති කියයි

වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ වනවිට රට තුළ නීතිවිරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කළ වාහන පවතින බවට සඳහන් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියි.

අමාත්‍යවරයාට අනුව නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 700කි.

2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.  මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රජසන්තක කිරීම සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්හි වගකීම බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Views: 0