දෙරණේ වරුණිගේ ස්වාමියා ටෙලිකොම් සභාපති පුටුවට

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රධාන පෙළේ අපනයනකරුවෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත්විම් ලැබ ඇතැයි වාර්තා පවසයි. 

හෙලදිව් සමාගමේ නිර්මාතෘවරයා වන රොහාන් ප්‍රනාන්දු මහතා වසර 40කට අධික කාලයක් තේ කර්මාන්තයේ සහ තේ අපනයන කර්මාන්තයේ අත්දැකීම් සහිත අයෙකි.

රොහාන් ප්‍රනාන්දු මහතා 2008 සහ 2009 වසරවලදී අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. 

එසේම ඔහු තේ අපනයකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි. මීට අමතරව ඒ මහතා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ධුරයක්ද හොබවා ඇත.

එසේම ඒ මහතා මෙරට සුප්‍රසිද්ධ ට්‍රයිඇඩ් දැන්වීම් ආයතනයේ සහ දෙරණ නාලිකාවේ සම නිර්මාතෘවරියක වන වරුණු අමුණුගම මහත්මියගේ ස්වාමි පුරුෂයාද වෙයි. 

වරෙක ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහාද ඉදිරිපත් විය. 

රොහාන් ප්‍රනාන්දු මහතා සෙලින්කෝ ජනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුද වෙයි.

2015 වසරේ සිට ටෙලිකොම් සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතාගෙන් හිස්වන ධුරය සඳහා ප්‍රනාන්දු මහතා පත්වී තිබේ.

මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ නිමල් පෙරේරා මහතා ටෙලිකොම් සභාපති ධුරයට පත් කෙරෙන බව පැවසුණද පසුව එම අදහස ඉවත්ව තිබේ.

Visits: 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *