යුනිලීවර් ශ්‍රී ලංකා සභාපති පුටුව හජාර් අලාෆිෆි වෙත

යුනිලීවර් ශ්‍රී ලංකා සභාපති පුටුව හජාර් අලාෆිෆි වෙත

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපතිනිය ලෙස හජාර් අලාෆිෆි පත්වීම් ලැබ ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි. ඒ අනුව ලබන ඇය 2020 පෙබරවාරි 01 පළමුවැනිදා සිට මෙම ධුරයට පත්වෙමින් යුනිලීවර් දකුණු ආසියානු කලාපීය නායකත්ව කණ්ඩායමට එකතු වන බවත් සමාගම පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරාතුව අලාෆිෆි ලන්ඩන් නුවර පිහිටි යුනිලීවර් සමාගම වෙත සිය සේවය ලබා දී තිබේ. මේ දක්වා වසර 20කට ආසන්න කාලයක් යුනිලීවර් සමාගම තුළ අත්දැකීම් සහිත ඇය මොරොක්කෝවේ, දකුණු අප්‍රිකාවේ, නෙදර්ලන්තයේ සහ ලන්ඩනයේ එකිනෙකට වෙනස් වෙළෙඳ පොළ තුළ සේවා සපයා ඇත. 

මෙම කාලසීමාව තුළදී ඇය යුනිලීවර් වෙළෙඳනාම බොහෝමයක තිරසාර වර්ධනය උදෙසා මූලෝපායික දායකත්වය ලබා දී ඇතැයි පැවසෙයි.

සිය නව පත්වීම පිළිබඳව අදහස් දක්වා ඇති හජාර්, ශ්‍රී ලංකාව යනු තමන්ට අතිශය වැදගත් වෙළෙඳ පොළක් බව පවසා තිබේ. එහිදී ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරයේ නව සංවර්ධන රැසක්ම සිදු කරන බවද ඇය සඳහන් කර තිබේ. 

“ආසන්න වසර කිහිපයේදී යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම පෙන්වා ඇති දක්ෂතා අනුව පැහැදිලි වෙනවා මේ කණ්ඩායම මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සහ සිය ව්‍යාපාර වඩාත් දියුණු කරගැනීම සඳහා කොපමණ වෙහෙසක් දරා තිබෙනවාද කියලා.” ඇය පවසයි.

ඒ අනුව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් සිය ව්‍යපාර කටයුතු දියුණු කරගැනීමට කටයුතු කරන බවද හජාර් මෙහිදී පවසා සිටියි. 

ඇගේ මෙම නව පත්වීමත් සමගම මෙතෙක් කලක් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාර්ල් කෘස් ඝානාවේ සහ නයිජීරියාවේ පිහිටි යුනිලීවර් වෙස්ට් ඇෆ්‍රිකා මල්ටි කන්ට්‍රි ඔපරේෂන් (MCO) හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරිමට ජාත්‍යන්තර යුනිලීවර් සමාගම කටයුතු යොදා ඇත.

Visits: 127

Leave a Reply

Your email address will not be published. Required fields are marked *