Alliance Air ගුවන් සේවයට යාපනයට ඒමට ඉන්දීය රජයේ අනුමැතිය

Alliance Air ගුවන් සේවයට යාපනයට ඒමට ඉන්දීය රජයේ අනුමැතිය

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගමේ පරිපාලිත සමාගමක් වන Alliance Air ගුවන් සේවයට ශ්‍රී ලංකාවේ යාපනය වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් දියත් කිරීම සඳහා අනුමැතිය ලබා දීමට එරට කැබිනට් මණ්ඩලය අද තීරණයක් ගෙන තිබේ.

ඉන්දියාව තුළ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කරන මෙම Alliance Air ගුවන් සේවය මේ වනවිට ගමනාන්ත 56ක් වෙත සිය ගුවන් පියාසැරි සිදු කරයි. ඒ සඳහා ATR 72-600 මාදිලියේ ආසන 72කින් සමන්විත ගුවන් යානා සහ ATR 42-300 මාදිලියේ ආසන 48කින් සමන්විත ගුවන් යානා ඔවුන් යොදා ගනියි.

ඒ අනුව විශේෂිත අවස්ථාවක් ලෙස සලකා යම් අතරමැදි කාලයක් සඳහා මෙම ගුවන් සේවය ක්‍රියාත්මක කරවීමට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය රජය පවසයි.  

දෙරටේ ජනතාව අතර වඩාත් හොඳ සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා ගත් පියවරක් ලෙස මෙම තීරණය හඳුන්වන බව ඉන්දීය රජය පවසයි. මෙහිදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ පලාලිහි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එම ගුවන් මෙහෙයුම් සිදු කිරීම සැලසුම වී තිබේ.

1996 වසරේදී පිහිටවුණු මෙම මෙම Alliance Air ගුවන් සේවය දැනට සතියකට ගුවන් ගමන් වාර 658ක් සිදු කරන අතර දිනකට සිදුකරන ගමන් වාර සංඛ්‍යාව 94ක් බව එහි වෙබ් අඩවියේ සඳහන් වෙයි. 

පසුගිය වසරේ ඔක්තෝබර් 18 වැනිදා මෙම Alliance Air ගුවන් සේවය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකාවේ යාපනය දක්වා ගුවන් ගමන් ඇරඹීය. පසුව එය නොවැම්බර් 11 වැනිදා සිට ශ්‍රී ලංකාව වෙත වානිජ ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කළේය.

පසුගියදා මෙරට පෞද්ගලික ගුවන් සේවයක් සිය ATR 72-600 මාදිලියේ යානයක් යොදා ගනිමින් කොළඹ සිට යාපනය දක්වා සිය අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමත් සමගින්, යාපනයේ සිට ඉන්දියාව දක්වා සිදුකරන ගුවන් ගමන්වල ඉල්ලුමක් ඇතිවීමේ ප්‍රවණතාවක් පැවතීම ඉන්දීය රජය මෙම අනුමැතිය ලබා දීමට හේතුවී ඇතැයි වාර්තා සඳහන් කරයි.

Visits: 55

Leave a Reply

Your email address will not be published. Required fields are marked *