හැරී ජයවර්ධන රුපියල් බිලියන 1.6 කට රාගම බ්‍රවුන්ස් රෝහල මිලදී ගනී

හැරී ජයවර්ධන රුපියල් බිලියන 1.6 කට රාගම බ්‍රවුන්ස් රෝහල මිලදී ගනී

මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා සුප්‍රසිද්ධ රාගම බ්‍රවුන්ස් රෝහල මිලදී ගෙන ඇතැයි වාර්තා පවසයි. 

ඒ අනුව හැරී ජයවර්ධන මහතාගේ පාලනය යටතේ පවතින මෙල්ස්ටාකෝප් පීඑල්සී සමාගම මගින් බ්‍රවුන්ස් රෝහල අයත් බ්‍රවුන්ස් හෙල්ත් කෙයාර් (පෞද්) සමාගමේ අයිතිය 100% කින්ම හිමි කරගැනීමත් සමගින්ම මෙම පැවරීම සිදුව තිබෙන බව කොටස් වෙළෙඳ පොළ වෙත දැනටමත් දැනුම් දී තිබේ. 

පසුගිය බදාදා දිනයේදී සිදුව ඇති මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 1.6 කි. ඒ අනුව මින් ඉදිරියට බ්‍රවුන්ස් රෝහලේ හිමිකාරීත්වය, තම සම්පූර්ණ අයිතිය සහිත මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කලම්බූ ලිමිටඩ් සමාගම වෙත හිමිවන බව මෙල්ස්ටාකොප් පීඑල්සී සමාගම පවසයි.

බ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් නොර්ත් කලම්බු (පෞද්) සමාගම යටතේ ක්‍රියාත්මක වූ බ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් (පෞද්) සමාගම මගින් මෙම රාගම බ්‍රවුන්ස් රෝහල පවත්වාගෙන යාම සිදුවිය. සුප්‍රසිද්ධ බ්‍රවුන්ස් සමූහය වෙත මෙම සමාගම අයත් වෙයි. එහි පාලනය මෙරට සුප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකු වන ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා යටතේ පවතී.

ඇදන් 70කින් සමන්විත රාගම බ්‍රවුන්ස් රෝහල සතුව වඩාත් නවීන වෛද්‍ය තාක්ෂණික පහසුකම් ඇතුළු සම්පත් පවතින බව එම සමාගම පවසයි. එහිදී විශේෂයෙන්ම නවීන සැත්කම් තාක්ෂණය මෙන්ම සීටී සහ එම්ආර්අයි ස්කෑන් පහසුකම්ද එම රෝහල සතුව පවතී. මෙය බ්‍රවුන්ස් රෝහල් ජාලයේ පළමු රෝහල ලෙසින්ද සැලකෙයි. 

Visits: 200

Leave a Reply

Your email address will not be published. Required fields are marked *