ඇමති විමල් සිය කාර්යාලයේදී ක්‍රිකට් පිති පරීක්ෂාවක

ඇමති විමල් සිය කාර්යාලයේදී ක්‍රිකට් පිති පරීක්ෂාවක

දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදනයේ යෙදෙන STAUNCH Manufacturing සමාගමෙහි ප්‍රධානීන් ඊයේ දිනයේදී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී සිය නිෂ්පාදනය පිළිබඳව කරුණු පැහැදිලි කළ බව අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යවරයාගේ “කර්මාන්තකරුවන්ගේ දිනයේදී මෙම හමුව සිදුව තිබේ. එහිදී STAUNCH Manufacturing සමාගමේ නිර්මාතෘ සහන් දික්මාදුගොඩගේ මහතා සිය ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

විශේෂයෙන්ම ආනයනික සහ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් දේශීය ශ්‍රමිකයන් පිරිසකට රැකියා සපයමින් තමන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන බව දික්මාදුගොඩගේ මහතා අමාත්‍යවරයා වෙත පවසා ඇත.

ඒ අනුව මෙම ව්‍යාපාරය සඳහා අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීමේ ඉඩ කඩ පිළිබඳව මෙන්ම සහන පොලී මත ණය ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍යවරයා සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යාංශය පවසා සිටියි.

අංගොඩ, සේදවත්තේ පිහිටි මෙම STAUNCH Manufacturing සමාගම ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ක්‍රිකට් පිති නිෂ්පාදකයා ලෙස හැඳින්වෙයි. තමන් දැනට ලොව ක්‍රිකට් පිති නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රමිතිගත ඉංග්ලිෂ් විලෝ ලීය සිය නිෂ්පාදන සඳහා භාවිත කරන බවත් සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කර සිටියි.

එහිදී ක්‍රීඩකයන්ගේ ශරීර බරට, උසට සහ ක්‍රීඩාකරන ඉරියව්ව අනුවද ක්‍රිකට් පිති නිෂ්පාදනය කළ හැකි බවද STAUNCH Manufacturing සමාගම පවසයි. ක්‍රිකට් පිතිවලට අමතරව STAUNCH සන්නාමය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ තවත් ආම්පන්නද එම සමාගම අලෙවි කරයි.

Visits: 50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *