මේ වසර ඇතුළතදී තවත් “Softlogic Glomark” වෙළෙඳ සැල් 05ක්

මේ වසර ඇතුළතදී තවත් “Softlogic Glomark” වෙළෙඳ සැල් 05ක්

Softlogic හෝල්ඩිංග්ස් පීඑල්සී. සමාගම යටතේ පවතින Softlogic Retail පීඑල්සීහි Softlogic Supermarkets Pvt Ltd වෙත අයත් Softlogic Glomark සුපිරි වෙළෙඳ සැල් ජාලය වෙත මේ වසරේදී තවත් අලුතින් වෙළෙඳ සැල් 05ක් එකතු වන බව එම සමාගම පවසයි. 

Softlogic හෝල්ඩිංග්ස් පීඑල්සී. සමාගම 2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වුණු 2019 වසරේ අවසන් කාර්තුවේ සිය මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

මෙහිදී මෙම නව වෙළෙඳ සැල් සියල්ලම කොළඹ සහ ඒ අවට නගර කේන්ද්‍ර කරගනිමින් විවෘත වීමත් විශේෂත්වයකි. ඒ අනුව ගල්කිස්ස, කොළඹ 07 මළලසේකර මාවත, මීගමුව, මාලඹේ සහ රාජගිරිය යන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම නව Softlogic Glomark සුපිරි වෙළෙඳ සැල් ඉදි වෙනු ඇතැයි Softlogic හෝල්ඩිංග්ස් පීඑල්සී පවසා සිටියි.

මෙම සුපිරි වෙළෙඳ සැල් ජාලයේ පළමු වැන්න 2018 වසරේ නොවැම්බර් මාසයේදී දෙල්කඳදී විවෘත කෙරිණි. මේ වන විට ඔඩෙල් ඇගලුම් සාප්පු සංකීර්ණ ආශ්‍රිතව ඇතුළුව කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක් ලෙසද මෙම Softlogic Glomark සුපිරි වෙළෙඳ සැල් ජාලය ව්‍යාප්ත වෙමින් තිබේ.

දැනටමත් Softlogic Glomark සුපිරි වෙළෙඳ සැල් ජාලය සතුව සුපිරි වෙළෙඳ සැල් හතක් පවතී. කොළඹින් පිටත කුරුණෑගලදීද වෙළෙඳ සැලක් විවෘතව ඇත. එහි නවතම සාමාජිකයා පසුගිය ජනවාරි මාසයේදී නාවලදී විවෘත කෙරිණි.

Visits: 124

Leave a Reply

Your email address will not be published. Required fields are marked *