භාණ්ඩාගාර ලේකම්තුමා නිදහසට ගස් සිටුවයි

භාණ්ඩාගාර ලේකම්තුමා නිදහසට ගස් සිටුවයි

72 වැනි නිදහස් දින උළෙලට සමගාමී ලෙස සියලු අමාත්‍යාංශවල සහභාගිත්වයෙන් සිදුකරන රුක් රෝපණ වැඩසටහන යටතේ මුදල් අමාත්‍යාංශයේ රුක් රෝපණ වැඩසටහන ඊයේ දිනයේදී භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බව පැවසෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙලෙස 72 වැනි නිදහස් දිනයට සමගාමීව රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Visits: 18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *