මෙරට කෘෂි අපනයන වෙත කුර්දිස්තානයෙන් ඉහළ ඉල්ලුමක්

මෙරට කෘෂි අපනයන වෙත කුර්දිස්තානයෙන් ඉහළ ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සඳහා කුර්දිස්තානය තුළ වැඩි ඉඩක් ලබා දිය හැකි බව කුර්දිස්තානයේ කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් එකඟතාව පළ කර තිබේ. 

පසුගියදා ඔවුන් කාර්මික , අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හමුවූ අවස්ථාවක සිදුකළ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය කර ඇත.

ඒ අතරින් ශ්‍රී ලාංකේය තේ හා කුරුදු සඳහා ඉහළ ඉල්ලුමක් කුර්දිස්තානය තුළ පවතින බවද ඔවුන් පෙන්වා දී ඇත.

කුර්දිස්තාන කාර්මික හා වාණිජ මණ්ඩලයේ සභාපති ධාරා ජාලීල් බාලීල් ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙකු මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ. ඉරාක ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව මෙම සංචාරය සංවිධානය කර ඇත.

මේ අතර, කුර්දිස්තානය තුළ පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවද අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇති මෙම නියෝජිතයන් පිරිස, ආර්ථික සහයෝගිතාවක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්තාන පළාතේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාවද මෙහිදී අවධාරණය කෙරී ඇත.

මෙම කුර්දිස්තාන පළාත නැගෙනහිර තුර්කිය, උතුරුදිග ඉරාකය, බටහිර ඉරානය සහ ඊසාන දිග සිරියාව පුරා ව්‍යාප්ත වූ භූමියකි. ඉන් වැඩිම භූමි ප්‍රමාණයක් අයිති වන්නේ ඉරාකයටයි. මෙහි වෙසෙන බහුතර ජනතාව කුර්දි සංස්කෘතිය, භාෂාව සහ ජාතික අනන්‍යතාවක් සහිත ඓතිහාසික ජනකොටසක් ලෙස පිලිගැනීමට ලක්ව ඇත. ඉරාකය සමගින් ඇති කරගත් එකඟතාවකට 1970 වසරේ සිට එහි කුර්දි ස්වයංපාලනයක් ක්‍රියාත්මක වෙයි. 

Visits: 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *