ටෙලිකොම් සභාපති පුටුව නොලැබුණු නිමල් පෙරේරාට හොටෙල් ඩිවෙලොපර්ස් සභාපති පුටුව හිමිවෙයි

ටෙලිකොම් සභාපති පුටුව නොලැබුණු නිමල් පෙරේරාට හොටෙල් ඩිවෙලොපර්ස් සභාපති පුටුව හිමිවෙයි

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන නිමල් පෙරේරා මහතා හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් වීම් ලැබ ඇතැයි වාර්තා වෙයි. මෙම සමාගම රජයට අයත් ව්‍යවසායක් වන හිල්ටන් හෝටලය යටතේ පවතින සමාගමකි. 

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයෙකුව සිටි සමයේදී එම අමාත්‍යාංශය යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද නිමල් පෙරේරා මහතාය. 

මීට අමතරව ඔහු ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් සමාගම, වෝටර්ස් එජ් සමාගම, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යන සමාගම්වලද සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස නිමල් පෙරේරා මහතා පත් කිරීමට යෝජනා වී තිබුණි. එහෙත් සමාගමේ ව්‍යවස්ථාව අනුව වයස අවුරුදු 70ට වඩා වැඩි පුද්ගලයෙකු සභාපති ධුරයට පත් කිරීමට බාධා පැවතුණි. කෙසේ වෙතත් පසුව එම ධුරය සඳහා හෙලදිව් තේ සමාගමේ හිමිකරු රොහාන් ප්‍රනාන්දු මහතා පත් කෙරිණි.

නිමල් පෙරේරා මහතා නොරිටාකේ සමාගමේ ගණකාධිකාරිවරයෙකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කර පසුව එහි ප්‍රධාන විධායක නිලධාරියා බවටද පත්වීමට සමත්ව තිබේ. මූල්‍ය කළමනාකරණය, ගිණුම්කරණය සහ අභ්‍යන්තර විගණනය පිළිබඳව වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත නිමල් පෙරේරා මහතා ජාත්‍යන්තර විගණන සමාගම්හිද කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇතැයි මාධ්‍ය පවසයි.

Visits: 177

Leave a Reply

Your email address will not be published. Required fields are marked *