රජයේ SME ණය සහන පැකේජය ලීසිං සඳහා ලබා දීම අසීරුයිලු!

රජයේ SME ණය සහන පැකේජය ලීසිං සඳහා ලබා දීම අසීරුයිලු!

ණය ගෙවීම අක්‍රීය වී තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා රජය ලබා දී ඇති ණය සහන පැකේජය ලීසිං පහසුකම් ලබා දෙන මූල්‍ය ආයතන සඳහා ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

වාණිජ බැංකු මෙන් නොව මෙරට මූල්‍ය ආයතනවල තත්ත්වය තරමක් අයහපත් වීම එවැනි අවස්ථාවක් සදහා බාධාවක් ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ පිළිබදව කරුණු දක්වමින් පවසා සිටියි.

“ලීසිං පහසුකම් ලබා දෙන මූල්‍ය ආයතන ගැන අධ්‍යයනයක් කළොත් පෙනේවි, අපේ තියෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ ගොඩක් අසීරු තාවයකට පත්වෙලා තියෙනවා. දැනටමත් මේ මූල්‍ය ආයතනත් අපිට කියලා තියෙනවා පුළුවන් නම් අපිටත් මේ විදියට ණය පමා සහන කාලයක් ලබා දෙන්න කියලා. මොකද ඔවුන් බැංකුවලින් ගත් ණය ගෙවීමට. ඒ නිසා එවැනි තත්ත්වයක් යටතේ මේ අවස්ථාවේදී අපිට එම ණය සහනය තවදුරටත් මූල්‍ය ආයතන වෙත ව්‍යාප්ත කරන්න හැකිවේවි කියලා හිතන්නේ නැහැ.

එසේම මෙම මූල්‍ය ආයතනවල ණයවලින් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් ලීසිං නොහොත් කල්බදු පදනම මත ලබා දෙන ණය වීම හේතුවෙන් එම ණය මෙලෙස ණය සහන පැකේජය සදහා ඇතුළත් කිරීම සංකීර්ණ තත්ත්වයක් ඇති කරවන්නක් බවද මහ බැංකුවේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් එවැනි හැකියාවක් පවතින්නේද යන්න පිළිබදව අධ්‍යයනය කරමින් යන බවද මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

රජය ලබා දී ඇති මෙම ණය සහන පැකේජය යටතේ රුපියල් මිලියන 300කට වඩා ණය ලබා ගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමන් ණය ලබා ගත් බැංකුව හරහා මෙම පැකේජයට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී. එහිදී මූල්‍ය ආයතන පිළිබඳව එහි ඇතුළත්ව නැත. 

එහෙත් බොහෝ පිරිසක්, උදාහරණ ලෙස සංචාරක ප්‍රවාහන සේවා සැලසීම වෙනුවෙන් මූල්‍ය ආයතන හරහා ලබාගත් ලීසිං පහසුකම් මගින් මෝටර් රථ ලබා ගෙන එම මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයේ පසුවන බවත් වාර්තා වී තිබේ.

මේ අතරම අද වන විට මෙරට බැංකු සහ බැංකු නොවන ආයතනවලින් ලබා ගෙන ඇති ණය අතරින් ණය සහ පොළී මුදල් නිසි වේලාවට නොගෙවන තත්ත්වයට (NPL None Performing Loan) පත්ව ඇති ණය අනුපාතය පිළිවෙලින් සියයට 4.9ක් සහ 10කට ආසන්න වන බව ද මහ බැංකුව සදහන් කරයි.

Visits: 57

Leave a Reply

Your email address will not be published. Required fields are marked *