ණය පොළී අනුපාත අඩු නොකරන බැංකුවලට දැනට දඩුවමක් නැහැ

ණය පොළී අනුපාත අඩු නොකරන බැංකුවලට දැනට දඩුවමක් නැහැ

සිය ණය පොළී අනුපාතික පහළ හෙළන ලෙසට මහ බැංකුව ලබා දී ඇති ඉල්ලීමට අනුකූල නොවන බැංකු වෙත දඩුවම් පැමිණවීමත් දැනට සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත මේ පිළිබදව කරුණු දක්වමින් මේ අදහස් පළ කළේය. 

ඒ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ 31 වැනිදා වනවිට මෙම ණය පොළී අනුපාතික අඩු කරන ලෙසට අදාළ බැංකු වෙත මහ බැංකුව දැනුම් දී තිබුණු බවත්, ඊට යහපත් ප්‍රතිචාර ලෙස ජනවාරි මාසයේ මුල් සති දෙකේදී එම බැංකු ණය පොළී අනුපාතික අඩු කිරීමට කටයුතු යෙදූ බවත් නියෝජ්‍ය අධිපතිවරයා පවසයි.

&දෙසැම්බර් මාසයේ අවසානය සඳහා ලබා දී තිබූ කල් ඉකුත්වීමේ අවස්ථාව ඇතුළත මේ ණය පොළී අනුපාතික අඩු නොකිරීමේ පමාවක් තමයි තිබුණේ. ඒත් මහ බැංකුව ඒ පිළිබඳව නිවේදනය කිරීමත් සමගින්ම බැංකු සිය ණය පොළිය අඩු කළා. ඒ නිසා දැනට දඩුවම් ලබා දීමක් නැහැ. මෙතැන ගැටලුව තියෙන්නේ එම බැංකු මේ මහ බැංකුවේ ඉල්ලීමට වෙත ඉදිරියටත් අනුකූල වෙනවාද නොවෙනවාද කියන දේ මතයි.* මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වුණු වසරේ අවසන් මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අතරතුරදී ජ්‍යෙෂ්ට නියෝජ්‍ය  අධිපති වීරසිංහ මහතා විසින්ම මෙම ණය පොළී අනුපාතික අඩු නොකරන බැංකු වෙත දඩුවම් පමුණුවන බවට ප්‍රකාශයක් සිදු කරන ලදී.

විශේෂයෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මහ බැංකුව මෙම ණය පොළී අනුපාතික පහත හෙළීමට අදාළ නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, දෙසැම්බර් මාසය අවසන් වීමට පෙරාතුව මෙම පොළී අනුපාතික පදනම් අංක 250ක් දක්වා එනම් පදනම් අංක 50කින් අඩු කළ  යුතුය යන්න එහිදී ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් ඒ දක්වාම මෙම ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ විශාල බැංකු තුනකට, කුඩා බැංකු හතරකට දඩුවම් දීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය සූදානමින් සිටින බව ඒ මහතා එහිදී සඳහන් කර සිටියේය.

Visits: 73

Leave a Reply

Your email address will not be published. Required fields are marked *