ණය ගෙවන සහ ණය නොගෙවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන පැකේජයක්

බැංකු මගින් ලබා ගත් ණය සක්‍රීය ලෙස ගෙවමින් සිටින සහ එම ණය ගෙවීම අක්‍රීය වී ඇති ව්‍යාපාරිකයන්ටද සහන හිමිවන ආකාරයෙන් නව සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 

සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද මේ කරුණු අනාවරණය කළේය.

6.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමේ වත්මන් රජයේ ඉලක්කය වෙනුවෙන් මෙම සහන පැකේජය ලබා දීම අරමුණ වී තිබේ. 

එහිදී දැනට ණය ගෙවා ගත නොහැකිව අක්‍රීය වී සිටින ව්‍යාපාරිකයන්ගෙන් ආර්ථික වර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමට මෙමගින් හැකි වෙන බව අමාත්‍යාංශයේ අදහසයි.

එසේම මේ යටතේ දැනට ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයාගේ අදහසයි.

Visits: 49

Leave a Reply

Your email address will not be published. Required fields are marked *