එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ගනුදෙනු ගැන සෙවීමට ජනාධිපති කොමිසමක්

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් නොහොත් ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කටයුතු යොදා ඇත.

මේ පිළිබද වන ගැසට් නිවේදනයත් නිකුත්ව තිබේ. 

එහි සදහන් ආකාරයට මෙම ජනාධිපති කොමිසමේ සභාපතිත්වය විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පත් කර ඇත.

එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ට බැංකු නිලධාරී ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන්ය.

මෙහිදී මහ බැංකුවේ මැදිහත්වීමෙන් තැන්පත්කරුවෙන් ගනුදෙනු බේරුම් කිරීම සදහා වත්කම් විකිණීමේදී ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වැරදි ක්‍රියා කර තිබීම, රටේ නීතිය කඩකරමින් විදේශීය ආයතනයක් වන බ්ලූ සමිට් කැමිටල් මැනේජ්මන්ට් ප්‍රයිවඩ් ලිමිටඩ් සහ බෙන් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මූල්‍ය ආයතන සමූහයකට මාධ්‍ය ආයතනයක් විකිණීම සහ ඊ.ටී.අයි. සමාගම සතුව තිබූ නිශ්චල දේපළ රටෙහි නීතියට පටහැනිව විදේශිකයන්ට විකිණීම යන කරුණු සොයා බැලීමට මෙම කොමිසම වෙත බලය පැවරී ඇත.

කොමිසමේ වාර්තාව මාස තුනක කාල සීමාවක් ඇතුළත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා කොමිසමට නියෝග ලබා දී තිබේ.

මෙම ඊ.ටී.අයි. සමාගමේ වත්කම් යටතට ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස්, ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං, ඊ.ඒ.පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ්, හොටේල් සැෆයර්, ස්වර්ණමහල් ජුවලර්ස්, සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් යන ආයතන ඇතුළත් බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන්ව තිබේ.

Visits: 51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *