අලුත්ම Minigood අලෙවි සැල පාට වෙනස් කළ හේතුව හෙළිවෙයි

අලුත්ම Minigood අලෙවි සැල පාට වෙනස් කළ හේතුව හෙළිවෙයි

මෙරට තුළ ජනප්‍රිය දකුණු කොරියානු ජීවන විලාසිතා සන්නාමයක් වන Minigood අලෙවි සැල් ජාලය සිය අලුත්ම අලෙවි සැල පසුගියදා වන්ගෝල්ෆේස් හිදී විවෘත කර තිබේ. දැනටමත් රාජගිරිය, දෙහිවල, වත්තල සහ කොළඹ 06 යන ස්ථානවල Minigood අලෙවි සැල් පිහිටුවා තිබේ.

කෙසේ වෙතත් වන් ගෝල් ෆේස්හිදී විවෘත කෙරුණු මෙම අලුත්ම Minigood අලෙවි සැල, අනෙකුත් අලෙවි සැල් සියල්ලටම වඩා වෙනස් පෙනුමකින් යුක්ත බව එම සන්නාමයේ මෙරට බලයලත් නියෝජිත සමාගම වන Minigood Sri Lanka සමාගම පවසයි.

මෙතෙක් පිහිටුවා ඇති Minigood අලෙවි සැල් හි සාම්ප්‍රදායික ප්‍රධාන වර්ණය රතු පැහැය වුවත් මෙම අලෙවි සැල නිල් පැහැයට හුරු කොළ පැහැයකින් ඉදිරිපත් කර තිබීම එම විශේෂ වෙනසයි.

මෙහිදී තමන් වර්ණ වෙනස් කිරීම හරහා සිය නවතම අලෙවි සැලට පැමිණෙන පාරිභෝගිකයන්ට වඩාත් ඉහළ නාගරික අත්දැකීමක් ලබාදීමට උත්සාහ කළ බවත් ඒ හරහා සුවිශේෂී සහ වෙනස්ම ආකාරයක සාප්පු අත්දැකීමක් ලබාදීමට කල්පනා කළ බවත් Minigood Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ/සමනිර්මාතෘ සාම්රින් මබූතූන් පවසයි.

“අපේ වන් ගෝල් ෆේස් අලෙවි සැල අනෙක් අලෙවි සැල් සියල්ලටම වඩා විශේෂිතයි. මෙහි පවතින නාගරික පෙනුමත් සමගින් එය පාරිභෝගිකයන් වෙත ආකර්ෂණය වේවි කියලා අපි හිතනවා. ඉදිරියේදීත් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ තවදුරටත් අපේ සන්නාමය ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත.

දකුණු කොරියාවේ සෝල් නුවර වාසය කළ මයික් වූ විසින් 2013 වසරේදී මෙම Minigood සන්නාමය එළිදක්වා ඇත. ඒ යටතේ පළමුවරට වෙළෙඳ පොළ වෙත නිකුත් කර ඇත්තේ ගමන් මලු සහ රෙදි පිළි, ගෘහභාණ්ඩ සහ රූපලාවන්‍ය නිෂ්පාදනයයි. එසේම කාර්යාලීය උපකරණ, ඩිජිටල් උපාංග මෙන්ම ක්‍රීඩාභාණ්ඩද පසුව ඉදිරිපත් කර තිබේ.

ගෙවුණු වසර පහක කාලය තුළදී ලොව පුරා Minigood අලෙවි සැල් 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පිහිටුවීමට එම සන්නාමයට හැකියාව ලැබී ඇත. ඒ අතරින් ආසියාව, යුරෝපය සහ ඇමෙරිකාව තුළ වැඩිම අලෙවි සැල් සංඛ්‍යාවක් පිහිටා තිබේ.

රාජගිරිය minigood 

Visits: 65

Leave a Reply

Your email address will not be published. Required fields are marked *