මහාශිවරාත්‍රී දිනයේදීත් කොමර්ෂල් බැංකු ශාඛා 70ක් වැඩ

මහාශිවරාත්‍රී දිනයේදීත් කොමර්ෂල් බැංකු ශාඛා 70ක් වැඩ

හින්දු භක්තිකයන්ගේ අතිඋත්කර්ශවත් දිනයක් ලෙස සැලකෙන මහාශිවරාත්‍රී දිනය වෙනුවෙන් අදට යෙදී ඇති බැංකු නිවාඩු දිනයේදීද සිය ශාඛා 70ක් ගනුදෙනු සඳහා විවෘතව පවතින බව කොමර්ෂල් බැංකුව පවසයි. මෙම දිනය සමරන හින්දු භක්තිකයන්ගේ පහසුව උදෙසා මෙම ශාඛා විවෘතව තැබෙන බව බැංකුව සඳහන් කර සිටියි.

ඒ අනුව සුපිරි වෙළෙඳ සැල් තුළ ඇති බැංකු ශාණා 25ක්, දින “365” පුරා ක්‍රියාත්මක බැංකු ශාඛා 29ක් සිය සාමාන්‍ය ගනුදෙනු කාලය තුළ සේවා සැපයීමට සූදානමින් සිටියි. එසේම තවත් ශාඛා 16ක් පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවත් බැංකුව පවසයි.

මෙම බැංකු ශාඛා 16 වන්නේ වැල්ලවත්ත, කොල්ලුපිටිය, කොටහේන, මහරගම, බොරැල්ල, නුගේගොඩ, නාරාහේන්පිට, බත්තරමුල්ල, පංචිකාවත්ත, යුනියන් පෙදෙස, වත්තල, දෙහිවල, අවිස්සාවේල්ල, පිලියන්දල, රාසික් ෆරීඩ් මාවතේ පිහිටි විදේශ ශාඛාව සහ කොටුව ප්‍රධාන වීදියේ පිහිටි ශාඛාවන්ය.

මේ වන විට බැංකුව දිවයින පුරාම ක්‍රියාත්මක වන ලෙස ශාඛා 268 කින් යුත් ශාඛා ජාලයක් ක්‍රියාත්මක කරන බවත්, ඒ.ටී.එම්. යන්ත්‍ර 865ක්ද තමන් සතුව පවතින බවත් කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 78

Leave a Reply

Your email address will not be published. Required fields are marked *