සියපත ෆිනෑන්ස් වෙතින් නව ඩෙබිඩ් කාඩ් පතක්

සියපත ෆිනෑන්ස් වෙතින් නව ඩෙබිඩ් කාඩ් පතක්

සම්පත් බැංකුවේ 100%ක සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා සිය තැන්පතුකරුවන් වෙනුවෙන් ඩෙබිඩ් කාඩ් පතක් නිකුත් කළ බව වාර්තා වෙයි.

සියපත කාඩ් ලෙසින් හැඳින්වෙන මෙය ජපානයේ JCB/ Lankapay/සියපත හා එක්ව ඉදිරිපත් කළ ද්විත්ව අතුරුමුහුණත් ඩෙබිඩ් කාඩ්පතක් ලෙස සැලකෙයි. මෙය මූල්‍ය සමාගමක් ලංකා ක්ලියර් කාඩ් ක්‍රමවේදය සඳහා එකතු වෙමින් ජාතික කාඩ්පත් ක්‍රමවේදය (National Card Scheme) හරහා සිය පාරිභෝගිකයන් වෙත ඩෙබිඩ් කාඩ්පතක් නිකුත් කළ පළමු අවස්ථාවද වෙයි.

මෙම කාඩ්පත නිකුත් කිරීමේ අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ කළමනාකර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, සියපත ෆිනෑන්ස්හි නව සභාපති සුමිත් කුමාරණතුංග සහ සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න යන මහත්වරුන් සහභාගි වී තිබේ. මෙම කාඩ්පත මගින් සම්පත් බැංකු ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රද ඇතුළුව ලංකාපේ පහසුකම සහිත දිවයින පුරා පිහිටි 4,000කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ගනුදෙනු සිදු කිරීමේ හැකියාව පවතී. එසේම මෙම සියපත කාඩ් පත ජාත්‍යන්තර කාඩ්පතක් ලෙසත් භාවිත කළ හැකි අතර JCB – සහතිකලත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ POS යන්ත්‍ර හරහා ගනුදෙනු සිදුකළ හැකිය.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *