මදුරංග හීන්කෙන්ද Prime Finance ප්‍රධාන විධායක ධුරයට

මදුරංග හීන්කෙන්ද Prime Finance ප්‍රධාන විධායක ධුරයට

Prime සමූහයට අයත් Prime Finance සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මදුරංග බණ්ඩාර හීන්කෙන්ද මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. ලබන මාර්තු 01 වැනිදා සිට මෙම පත් කිරීම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. 

ඒ අනුව මෙතෙක් එම සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ එහි විධායක අධ්‍යක්ෂ සඳමිනි රුක්මල් පෙරේරා මහත්මිය වෙනුවට මෙම නව පත් කිරීම සිදු කෙරෙන බව Prime Finance සමාගම සඳහන් කර සිටියි. මෙම නව පත් කිරීම පිළිබඳ අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය පෙබරවාරි 14 වැනිදා ලබා දී තිබේ.

මේ අතර නව ප්‍රධාන විධායක නිලධාරී ලක්ශ්‍රී මදුරංග බණ්ඩාර හීන්කෙන්ද මහතාට Prime Finance සමාගමේ කිසිදු කොටස් හිමිකමක් නොමැති බවත් නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේද සාමාජිකයෙකු වන හීන්කෙන්ද මහතා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. එසේම Charted Institute for Securities and Investments හි මූල්‍ය සේවා අවදානම පිළිබඳ වරලත් සහතිකයද හිමි කරගෙන තිබේ. 

මීට පෙර ඒ මහතා වසර 20කට ආසන්න කාලයක් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC) හි සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර සාමාන්‍යාධිකාරී යනාදී ලෙස ජ්‍යෙෂ්ට කළමනාකරණ තනතුරු කිහිපයක්ම හොබවා ඇත.

Visits: 69

Leave a Reply

Your email address will not be published. Required fields are marked *