සංචාරක ව්‍යපාරය සංවර්ධනයට “ශ්‍රී ලංකා සංචරණ” නමින් නව ආයතනයක්

සංචාරක ව්‍යපාරය සංවර්ධනයට “ශ්‍රී ලංකා සංචරණ” නමින් නව ආයතනයක්

මෙරට සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය යන ආයතන ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි පැවසෙයි.

මේ සඳහා 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පිළිබඳ පණත සංශෝධනය කිරීමට යෝජනා වී ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. එහිදී මෙම සංශෝධනය පිළිබඳ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහාද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එහිදී ඉදිරිපත් වන නව සංශෝධනය අනුව ස්ථාපනය මෙම නව ආයතනය “ශ්‍රී ලංකා සංචරණ නමින් නම් කිරීමටද යෝජනා වී ඇත.

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සේවාලාභීන් සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමත්, සම්පත් අතිරික්තය අවම කිරීමත් මෙහි අරමුණ බව අමාත්‍යාංශය පවසයි.

2005 අංක 38 දරණ මෙම සංචාරක කටයුතු පණත මගින් සමස්ත සංචාරක අංශය ප්‍රධාන ආයතන හතරකට බෙදා වෙන් කරමින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ යන ආයතන ස්ථාපිත කර තිබේ.

Visits: 51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *