අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පාරිභෝගික උපකාරක කවුළුවක්

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පාරිභෝගික උපකාරක කවුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මෙරට අපනයනකරුවන්ට, ව්‍යවසායකයන්ට සහ මහජනතාවට කඩිනම් තොරතුරු ලබා දීම සඳහා නව පාරිභෝගික උපකාරක කවුළුවන් ස්ථාපිත කර ඇතැයි පවසයි. මෙය සෑම රජයේ වැඩකරන දිනවලදී පමණක් ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව අපනයන ක්ෂේත්‍රයන්ට අදාළ ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා රජයේ වැඩකරන දිනවලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා දුරකතන අංක 0112300710 දුරකතන අංකයෙන් අවශ්‍ය සහාය ඉල්ලා සිටීමට මහජනතාවට අවස්ථාව පවතී. එසේම helpdesk@edb.gov.lk විද්‍යුත් තැපෑලෙන්ද ඊට සම්බන්ධ විය හැකි බවද පැවසෙයි. 

අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම ලබා දීම සඳහා මෙම පාරිභෝගික කවුළුව විවෘත කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසා සිටියි.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *