රජය කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය දෙස බැලීම මහ මැතිවරණයෙන් පසුවට කල් දමලා

රජය කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය දෙස බැලීම මහ මැතිවරණයෙන් පසුවට කල් දමලා

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක වියදමක් යොදා ගොඩනගා ඇති කොළඹ වරාය නගරය හෙවත් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ (CIFC) ඉදිරි කටයුතු පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව සිදු වෙනු ඇතැයි රජය පවසයි. ඒ සඳහා වන යෝජනා පිළිබඳව පමණක් මේ වනවිට විමසමින් සිටින බව රජයේ අදහස වී තිබේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඩේලි එෆ්ටී පුවත්පත වෙත අදහස් දක්වමින් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය එලෙස පවසා ඇත. එහිදී විශේෂයෙන්ම මූල්‍ය නගරයේ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව සම්පූර්ණ කරගත යුතු කරුණු රැසක්ම වන බවත් අමාත්‍යවරයාගේ මෙහිදී පවසා තිබේ.

“අවධානය යොමු කළ යුතු කරුණු රැසක්ම මෙතැන තිබෙනවා. එකක් තමයි මේ නගරයේ පරිපාලන කටයුතු සඳහා ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නව අධිකාරියක් පිහිටුවීම. මෙය ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් විදියට රජය සලකනවා. ඒ නිසාම ඒ සඳහා වන ප්‍රමුඛතාවය ලබා දීම මහ මැතිවරණය නිමා වූ විගසම ලබා දෙනවා. අමාත්‍යවරයා පවසයි.

රජය පවසන ආකාරයට දැනටමත් මෙම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා විසින් සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. එහිදී මෙම භූමියේ ඇති නීතිමය ස්වභාවය පිළිබඳව විශේෂඥයන් දෙදෙනකුත්, ආර්ථික දිශාව පිළිබඳව තවත් විශේෂඥයෙකුත්, නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් මෙන්ම ඉංජිනේරුමය යෝජනා සහ ප්‍රාදේශීය රෙගුලාසි සහ මෙම කොළඹ මූල්‍ය නගරය වෙත සිදුවන පරිපාලන බලපෑම් සම්බන්ධයෙන්ද අධ්‍යයනය කෙරෙන බව රජය පවසයි.

මූල්‍ය නගරයේ පරිපාලන කටයුතු පිළිබඳ පළමු යෝජනාව අනුව එය ඩුබායිහි මූල්‍ය මධ්‍යස්ථානය මෙන් පවත්වා ගෙන යාම අදහස විය. එහිදී රටෙහි අනෙකුත් පළාත්වල එක්සත් අරාබි එමීර නීතිය ක්‍රියාත්මක වෙද්දී එම මධ්‍යස්ථානය තුළ බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක විය. එහෙත් පසුගිය රජය සමයේදී අවස්ථා කිහිපයකදීම මෙම යෝජනා ක්‍රියාත්මක වීම අතපසු විය.හෙක්ටයාර 269ක භූමිප්‍රමාණයකින් යුත් මෙම වරාය නගරය මේ වනවිට නිල වශයෙන් ශ්‍රී ලංකාවට අවත් භූමියක් ලෙස නම් කර තිබේ. ඒ අතරින් හෙක්ටයාර 116ක් චීනයේ චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත 99 අවුරුදු බද්දකට යටත්ව අයත්ව තිබේ. ඉතිරි බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර 62ක් මූල්‍ය නගරය ඉදිකිරිමටත්, හෙක්ටයාර 91ක් උද්‍යාන ඇතුළු මහජන අවකාශ සදහාත් වෙන් වී තිබේ.

Visits: 44

Leave a Reply

Your email address will not be published. Required fields are marked *