පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවි ගනුදෙනු තවත් මාස හයකට අත්හිටුවෙයි

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවි ගනුදෙනු තවත් මාස හයකට අත්හිටුවෙයි

පෑන් ඒෂියා බෑන්කිංන් කෝපරේෂන් පීඑල්සී සමාගම, රජයේ සුරැකුම්පත් මත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 2020 පෙබරවාරි මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයක් මෙම ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝජයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගිවීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටියි. 

කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑම් ඇති නොවන බවත් මහ බැංකුව අවධාරණය කර සිටියි.

මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බැංකුව වෙත මෙම තහනම අවසන් වරට ක්‍රියාත්මක කෙරුණේ 2019 වසරේ අගෝස්තු මාසයේ 15 වැනිදාය. ඊට පෙර එය 2019 පෙබරවාරි මාසයේ සිට මාස හයකට දීර්ඝ කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පළමුවරට පෑන් ඒෂියා බැංකුව වෙත මෙම ප්‍රාථමික වෙළෙඳ පොළ ගනුදෙනු තහනම් කරන ලද්දේ 2017 වසරේ අගෝස්තු මස 15 වැනිදාය.

Visits: 237

Leave a Reply

Your email address will not be published. Required fields are marked *