ඇමෙරිකාවේ Popeyes® ලබන ජූනියේ ලංකාවට

ඇමෙරිකාවේ Popeyes® ලබන ජූනියේ ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක බහුජාතික කෙටි ආහාර සපයන ආපනශාලා ජාලයක් වන Popeyes® මේ වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරන බව වාර්තා වෙයි. 

Softlogic හෝල්ඩිංග්ස් පීඑල්සී. සමාගම යටතේ පවතින Softlogic Retail පීඑල්සීහි Softlogic Restaurants (Pvt) Ltd හරහා මෙම ආපනශාලා ජාලය මෙරටට පැමිණීමට නියමිතව ඇත. 

එහි QSR – Quick service restaurant ව්‍යාපාරය යටතේ මෙම හඳුන්වාදීම සිදු වෙයි. ඊට අදාළ සන්නාම හිමිකම භාවිතා කිරීම පිළිබඳ එකඟතාවකට Softlogic Restaurants සහ Popeyes® දැනටමත් අත්සන් තබා තිබේ.

මෙම ආපනශාලාව තුළ අලෙවි කරන ආහාර නිෂ්පාදන අතර එක්සත් ජනපදයේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ ක්‍රමය අනුව සකසන Spicy Chicken, Chicken tenders, Fried Shrimp සහ අනෙකුත් කලාපීය ආහාර වර්ගද පවතින බව පැවසෙයි.

අද වනවිට මෙම Popeyes® ආපනශාලා ජාලය ලෝකයේ විශාලතම කුකුල්මස් ආශ්‍රිත වේගවත් සේවා සපයන ආපනශාලාව බවටත් පත්ව තිබේ.

Softlogic Restaurants හි සැලසුම්වලට අනුව පළමු Popeyes® ආපනශාලාව ගල්කිස්සේදී විවෘත කිරීමට නියමිතව ඇත. එහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත අයත් ඔඩෙල් ඇගලුම් වෙළෙඳ සැල, ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳ දැල පිහිටි භූමියේම මෙම ආපනශාලාව සඳහාද ඉඩක් වෙන් කෙරෙන බව එම සමාගම පවසයි.දැනටමත් Softlogic Restaurants සිය QSR ව්‍යාපාරය යටතේ Crystal Jade, Burger King, Delifrance සහ Baskin-Robbins යන ආපනශාලා පවත්වා ගෙන යයි.

Visits: 242

Leave a Reply

Your email address will not be published. Required fields are marked *