රාජසන්තක වැලි හා දැව මේ වසරේදී ආගමික ස්ථාන සඳහා පමණයි

රාජසන්තක වැලි හා දැව මේ වසරේදී ආගමික ස්ථාන සඳහා පමණයි

දිවයින පුරා පිහිටි අධිකරණ මගින් රාජසන්තක කෙරුණු වැලි හා දැව ආගමික ස්ථාන හා රාජ්‍ය ආයතන ඉදිකිරීම් සහ පිළිසකර කිරීම් සඳහා යම් සහනදායී මුදලකට ලබා දීම තවත් වසරකින් දිගු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව 2019 දෙසැම්බර් 31 වැනිදා අවසන් වූ එම කාලය 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ වී තිබේ.

මෙම කාල සීමාව තුළදී අදාළ රාජසන්තක වැලි සහ දැව ආගමික ස්ථාන සඳහා පමණක් ලබා දීමට රජය තීරණය කර ඇත. මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාතඨවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. 

2016 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් තීරණයක් ලෙස මෙම රාජසන්තක කෙරුණු වැලි හා දැව ආගමික ස්ථාන හා රාජ්‍ය ආයතන ඉදිකිරීම් සහ පිළිසකර කිරිම සඳහා යම් සහනදායී මුදලකට ලබා දීමට කටයුතු යෙදිණි.

එම වසරේ සිට අවස්ථා කිහිපයකදීම මෙම තීරණය වරින් වර දීර්ඝ කොට අවසන් වශයෙන් එහි කාලය දීර්ඝ කිරීම 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා පැවතුණි.

Visits: 33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *