ගමට සන්නිවේදනය යටතේ TRC රත්නපුරයේ ගම් පරීක්ෂා කරයි

ගමට සන්නිවේදනය යටතේ TRC රත්නපුරයේ ගම් පරීක්ෂා කරයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය යටතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක තාක්ෂණික පරීක්ෂාවක් පසුගියදා සිදු කළ බව එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව රත්නපුරයේ මගුරුගොඩ, බටකඩ, ගලබඩ, ගිලීමලේ දකුණ හා තොරණකඩ යන ග්‍රාම නිලධාරී වසම්වලදී මෙම පරීක්ෂාව සිදු කර තිබේ.

මෙහිදී එම ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය ජංගම දුරකතන සංඥා පිළිබඳ තාක්ෂණික හැකියාව පරීක්ෂා කෙරුණු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් සපුරාලීම සඳහා මූලික සන්නිවේදන අවශ්‍යතා හෝ සපුරා නොමැති ප්‍රදේශ හඳුනා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම “ගමට සන්නිවේදනය” වැඩසටහන හඳුන්වාදී තිබේ. 

මෙහිදී කොමිෂන් සභාවේ තාක්ෂණික නිලධාරීන්, ගමින් ගමට ගොස් එම ගම්මානවල වෙසෙන ජනතාවට අවශ්‍ය අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ලබාදීම වෙනුවෙන් දැනට පවතින සන්නිවේදන දුෂ්කරතා පිළිබඳව සොයා බැලීම සහ හඳුනාගැනීම සිදු කරයි.

කොමිෂන් සභාව සතු විශේෂිත ජංගම සංඥා නිරීක්ෂණ රථයක් යොදා ගනිමින් එම නිලධාරීන් මෙම සන්නිවේදන ගැටලු සොයා බැලීම සිදු කරයි. එහිදී මෙතෙක් ඒ සඳහා භාවිත කළ රථයට වඩා දුෂ්කර ප්‍රදේශවලට ගමන් කළ හැකි ආකාරයේ රථයක් මීට යොදා ගන්නා බව “Economy & Business Sri Lanka” මේ පිළිබදව සිදු කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ ප්‍රකාශයෙකු පවසා තිබුණි. 

මෙම ප්‍රදේශ හඳුනාගැනීමෙන් අනතුරුව මෙරට ජංගම දුරකතන සේවා සපයන සමාගම් වෙත එම තොරතුරු ලබා දී ඔවුන් හරහා එම ජනතාව වෙත අවශ්‍ය  බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලබා දීම වෙනුවෙන් මැදිහත්වීම  කොමිෂන් සභාවේ අරමුණ වී තිබේ.

එහිදී අදාළ ගම්මානවල කොපමණ පිරිසක් ජීවත් වන්නේද යන්න පිළිබඳ තොරතුරු ග්‍රාමසේවක නිලධාරීන් හරහා ලබා ගැනීමද සිදු කරයි.

පෙර ලිපි: මෙරට මූලික සන්නිවේදන අවශ්‍යතා හෝ සපුරා නොමැති ප්‍රදේශ හඳුනාගැනීමේ TRC මෙහෙයුමක්

Visits: 89

Leave a Reply

Your email address will not be published. Required fields are marked *