මෙරට සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ උපදේශන සමාගම තේරීම පෞද්ගලික සමාගමකට

මෙරට සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ උපදේශන සමාගම තේරීම පෞද්ගලික සමාගමකට 

මෙරට සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නියාමනය හා ඇගයිම සඳහා උපදේශන සමාගමක් තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය Sri Lanka Business Development Centre නම් ලාභ නොලබන පෞද්ගලික සමාගම වෙත පිරිනැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සියලුම බදු මුදල්ද ඇතුළත්ව රුපියල් මිලියන 94.23ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය එම සමාගම වෙත පැවරීමට කටයුතු යොදා තිබේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය විසින් මෙම ප්‍රසම්පාදනය පැවරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයයි. එම ව්‍යාපෘතිය සඳහා උපදේශකවරයෙකු තෝරා ගැනීම පිණිස මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් උපදේශක ප්‍රසම්පාදන කමිටුවක්ද පත් කර තිබුණි. 

එම කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුව මෙලෙස එම ප්‍රසම්පාදනය Sri Lanka Business Development Centre වෙත ලබා දී ඇතැයි පැවසෙයි.අංක 288/8P රෝයල් ගාඩ්න්ස්, රාජගිරිය, ශ්‍රී ලංකා යන ලිපිනයේ පිහිටි මෙම Sri Lanka Business Development Centre ආයතනය, 1984 වසරේදී පිහිටවුණු පෞද්ගලික, ලාබ නොලබන උපදේශන සමාගමක් ලෙස ක්‍රියාත්මක වෙයි. එය රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය සඳහාද සිය උපදේශ සේවා සිදුකරන බව එහි වෙබ් අඩවියේ සදහන් වී තිබේ.

Visits: 36

Leave a Reply

Your email address will not be published. Required fields are marked *