ODEL සහ MAS එක්ව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ T20 නිල ඇඳුම එළි දක්වයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත අයත් ODEL නිමි ඇඳුම් අලෙවි ජාලය සහ MAS හෝල්ඩිංග්ස් වෙත අයත් MAS නිමි ඇඳුම් නිෂ්පාදන ජාලය එක්ව, ICC T20 ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම පසුගියදා නිල වශයෙන් එළිදැක්වීම සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර සහ රංගන හේරත් සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් පිරිසක් සහභාගිවී ඇත. 

ලොව පුරා ගැටලුවක්ව පවතින සාගර ප්ලාස්ටික් දූෂණය පිටුදැකීමේ අරමුණින් මෙම නව නිල ඇදුමද සම්පූර්ණයෙන්ම සාගරයෙන් හමුවුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණය කරවුවක් බව MAS හෝල්ඩිංග්ස් සමාගම පවසයි.

මීට පෙර එංගලන්තයේදී පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානය 2019 සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමද මෙම ක්‍රමය යොදා ගෙනම නිර්මාණය කරන්නට MAS හෝල්ඩිංග්ස් කටයුතු යෙදීය.

Visits: 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *