ශ්‍රී ලංකා තැපෑල සහ ශ්‍රී ලංකා ටෙලිකොම් එක්ව පාර්සල් බෙදාහැරීමේ ඇප් වැඩසටහනක්

ශ්‍රී ලංකා තැපෑල සහ ශ්‍රී ලංකා ටෙලිකොම් එක්ව පාර්සල් බෙදාහැරීමේ ඇප් වැඩසටහනක්  

ශ්‍රී ලංකා තැපෑල සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එක්ව ඉදිරිපත් කරන නව ජංගම දුරකතන ඇප් වැඩසටහනක් හරහා රට පුරා පාර්සල් ප්‍රවාහනය සිදුකරන නව සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  මහතා විසින් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කර තිබේ. 

ඒ අනුව තැපැල් පත් බෙදාහරින්නන් හරහා මෙම නිවෙස්වලින් මෙම පාර්සල් එකතු කිරීමක් සිදු කර පසුව ඒවා තැපැල් කාර්යාලය වෙත ලබා දීමක් සිදු වෙයි. එහිදී අදාළ පාර්සලය තැපැල් කාර්යාලය වෙත ලැබුණු විට ඊට අදාළ එස්.එම්.එස්. පණිවුඩයක් එම පාර්සලය යවන තැනැත්තාගේ ජංගම දුරකතනය වෙත හිමි වෙයි. එසේම පාර්සලය භාරගත් බව පවසමින් එය හිමිවිය යුතු පුද්ගලයාටද පණිවුඩයක් යැවෙයි. 

අවසානයේදී මෙම පාර්සලය භාරදීමෙන් අනතුරුවද දෙපාර්ශ්වය වෙත ඒ පිළිබඳව දන්වමින් කෙටි පණිවුඩ යැවීම සිදු වෙයි.

මෙහිදී ඉ-බේ, අලිබාබා, සහ ඇමසන් යන  ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි හරහා මෙරටට එන පාර්සල්ද මේ ආකාරයෙන්ම  නිවෙස් වෙත වඩාත් සුරක්ෂිතව භාරදිය හැකි බව අමාත්‍යවරයා පවසයි. ඉදිරියේදී කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ නුවර යන දිස්ත්‍රික්ක වෙත මෙම ව්‍යාපෘතිය පළමුව ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ.

Visits: 92

Leave a Reply

Your email address will not be published. Required fields are marked *