ශ්‍රී ලංකන් වෙතින් සිංගප්පූරුවේ Jewel Changi ගුවන් තොටුපොළේදී සංස්කෘතික සංදර්ශනයක්

ශ්‍රී ලංකන් වෙතින් සිංගප්පූරුවේ Jewel Changi ගුවන් තොටුපොළේදී සංස්කෘතික සංදර්ශනයක් 

Visit Sri Lanka 2020 ප්‍රවර්ධන මෙහෙයුමේ අවස්ථාවක් ලෙස සිංගප්පූරුවේ අලුතින්ම ඉදිවුණු Jewel Changi ගුවන් තොටුපොළේදී පෙබරවාරි 08 වැනිදා (හෙට) සිට 10 වැනිදා දක්වා සංස්කෘතික සංදර්ශනයක් පවත්වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

සෑම දිනකම පෙරවරු 11.30 සිට 12.30 දක්වාත්, දහවල් 1.30 සිට 2.30 දක්වාත් යළිත් පස්වරු 6.25 සිට 7.25 දක්වාත්, රාත්‍රී 7.45 සිට 8.25 දක්වාත් මෙම සංස්කෘතික සංදර්ශනය පැවැත්වෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ස්වභාව සුන්දරත්වය, වෙරළේ සුන්දරත්වය, වනජීවීන් සහ සැබැම පාරාදීසයක අත්දැකීමක් සියැසින් දැකගැනීම සඳහා මෙම අවස්ථාවට ආරාධනා කර සිටින බවද ගුවන් සේවය පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, චැන්ගි ගුවන් තොටුපොළ සමූහය සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්‍රවර්ධන කටයුත්ත සංවිධානය කරයි.

2019 වසරේ අප්‍රේල් 19 වැනිදා විවෘත කෙරුණු මෙම Jewel Changi ගුවන් තොටුපොළ වඩාත් නවීන අංගෝපාංගවලින් මෙන්ම වඩාත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබේ. සිංගප්පූරුවට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම සිංගප්පූරුව හරහා වෙනත් රටවලට සංචාරය කරන ගුවන් මගීන්ට (ට්‍රාන්සිට්) නිදහසේ රැඳී සිටීමේ අවකාශයක් ලෙස මෙය ඉදිකර ඇත. 

විවෘත කර මාස හයක කාලයක් තුළදී මෙම ගුවන් තොටුපොළ වෙත අමුත්තන් කෝටි පහක් පැමිණ ඇතැයිද එම චැන්ගි ගුවන් තොටුපොළ සමූහය පවසයි.

Views: 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *