ජනවාරි 26 සිට 30 දක්වා චීන ජාතිකයන් 1,936ක් මෙරටට පැමිණිලා

ජනවාරි 26 සිට 30 දක්වා චීන ජාතිකයන් 1,936ක් මෙරටට පැමිණිලා

චීනයේ නව කොරෝනා වෛරසය දරුණු මට්ටමට පත්වීම ආරම්භ වුණු පසුගිය ජනවාරි 26 වැනිදා සිට අද දිනය දක්වා කාලය තුළදී පමණක් මෙරට වෙත ගුවන් මගීන් 4028ක් පැමිණ ඇති බවත් ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයන් බවත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. එසේම පැමිණි මගීන් අතරින් 323 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් ලෙසත් හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් පැමිණෙන ඔවුන් සියලු දෙනා පරීක්ෂා කිරීම සඳහා ලොව දියුණුම ගුවන් තොටුපොළවල ක්‍රියාත්මක වන ක්‍රමවේද තමන් අනුගමනය කරන බවත්, ඒ හේතුවෙන් පැමිණෙන මෙම චීන ජාතිකයන් ඇතුළු සියලු දෙනා තුළ කොරෝනා වෛරසය පවතින්නේ දැයි හඳුනාගත හැකි බවත් සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ වනවිට චීනයෙන් පැමිණෙන මගීන් සඳහා විශේෂ පිටවීමේ ප්‍රදේශයක්ද ගුවන් තොටුපොළ තුළ වෙන් කිරීමට පියවර ගෙන තිබේ. &එම ස්ථානයේ තර්මෝ ස්කෑනර් යන්ත්‍ර දෙකක් යොදා කොරෝනා වෛරසය වැළැදී ඇති පුද්ගලයෙකු රටට එනවාදැයි අපි පරීක්ෂා කරනවා. ඒ වගේම වෛද්‍යවරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනවා.* යනුවෙන් පවසා සිටියි. 

ඔහු පවසන ආකාරයට මේ දක්වා එම පරීක්ෂාකිරිම්වලදී කොරෝනා වෛරසය වැළැඳුණු බවට සැක 04 දෙනෙකු හමුවී ඇති අතර, ඔවුන් පිළිබඳ සිදුකළ පරීක්ෂාවේදී ඔවුන්ට එම වෛරසය වැළැදී නොමැති බව තහවුරු වී තිබේ. 

මේ අතර ගුවන් තොටුපොළට පැමිණෙන සෙසු මගීන්ගේ පරීක්ෂාවද වෙනම ස්ථානයක සිදුවන බව සභාපතිවරයා, එම ස්ථානයේද තර්මෝ ස්කෑනර් යන්ත්‍ර දෙකක් පිහිටුවා ඇති බවද පවසයි. 

&සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම යුද හමුදා වෛද්‍යවරුන්ගේද සහාය ඇතිව ගුවන් තොටුපොළ සේවකයින් පැය 24 පුරාම මේ පරීක්ෂා කිරීම් සිදු කරනවා. ගුවන් මගීන් හැර කිසිවෙකුට මේ පර්යන්යට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. එන අයත් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරනවා. කොරෝනා වෛරසය පාලනය වන තුරුම අප මේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවා.* යනුවෙන්ද සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසා සිටියි.

මේ අතර, මෙම කාලසීමාවේදී මෙරටට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට විශේෂ පත්‍රිකාවක් ලබා දෙන බවත්, මේ හරහා එම මගීන්තේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු තොරතුරු ලබා ගන්නා බවත් සභාපතිවරයා පැවසීය. &වෛද්‍යවරුන් කියන්නේ කොරෝනා වෛරසය වැළඳුනොත් දින 14ක් තුළ ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා කියලයි. ඒ නිසා අපි සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා දිවයිනට එන සෑම දෙනෙකු ගැනම පසුවිපරමක් සිදු කරනවා. ගුවන් තොටුපොළින් පිටව ගියත් සෞඛ්‍ය අංශ ඒ අය ගැන අවධානයෙන් ඉන්නවා. ඒ නිසා බියක් ඇති කරගත යුතු නැහැ.* ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම් උප සභාපති රජීව සූරියආරච්චි මහතා, ශ්‍රී ලාංකික නවනිර්මාණකරුවෙකුගේ හඳන්වාදීමක් අනුව වාතය පිරිසිදු කිරීමේ උපකරණ මේ වනවිටත් ගුවන් තොටුපොළ තුළසවි කර තිබෙන බවත්, ඒ නිසා ගුවන් තොටුපොළ තුළ වාතය නිරත පිරිසිදු බවත් පවසා සිටියි. 

Visits: 41

Leave a Reply

Your email address will not be published. Required fields are marked *