SME ණය සහන පැකේජයට ඉල්ලුම් කිරීමට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

SME ණය සහන පැකේජයට ඉල්ලුම් කිරීමට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

බැංකු ණය ආපසු ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් රජය ලබා දී ඇති ණය සහන පැකේජයට ඉල්ලුම් කිරීම සඳහා ලබා දී ඇති කාලය ලබන පෙබරවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුව ඇතැයි මහ බැංකුව පවසයි.

අද පෙරවරුවේදී පැවැති 2020 වසරේ පළමු ශ්‍රී ලංකා මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අවස්ථාවේදී එහි නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ අදහස් පළ කළේය. ඊට අදාළ චක්‍රලේඛය හැකි ඉක්මණින්ම නිකුත් කරන බවද නියෝජ්‍ය අධිපතිවරයා පැවසීය.

පසුගිය ජූනි 13 වැනිදා මහබැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව, රුපියල් මිලියන 300ක ණය මුදලක් ලබා ගෙන එම ණය මුදල් ආපසු ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත මෙම ණය සහන පැකේජය යටතේ සහන ලබා දී තිබේ. එහිදී ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම වළක්වා ඇති අතර, ණය ආපසු ගෙවීම සඳහා පමාසහන කාලයක්ද ලබා දී තිබේ. 

මෙලෙස අදාළ සහන ලබා ගැනීම සඳහා සිය ණය පිළිබඳව තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රය තමන් ණය ලබා ගත් බැංකුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මහබැංකුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා දී තිබුණි. එම කාලය හෙට දිනයෙන් අවසන්වීමට නියමිතව ඇත.

එසේම මෙම සහන පැකේජය සඳහා සුදුසුකම් ලබන්නන් ලෙස සඳහන් කර තිබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ වාර්ෂික පිරිවැටුමේ අවම සීමාව ඉවත් කිරීමටද අවධානය යොමුව ඇතැයි මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පැවසීය. මහ බැංකුව නිකුත් කළ එම චක්‍රලේඛය තුළ මෙම සුදුසුකම් ලබන්නන්ගේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 16 සිට රුපියල් මිලියන 750ක් දක්වා ලෙස සටහන්ව තිබුණි.

Visits: 50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *