චන්න පලන්සූරිය සියපත ෆිනෑන්ස් සභාපති ධුරයෙන් ඉවත් වෙයි

චන්න පලන්සූරිය සියපත ෆිනෑන්ස් සභාපති ධුරයෙන් ඉවත් වෙයි

සම්පත් බැංකුවට අනුබද්ධ මූල්‍ය ආයතනය වන “සියපත ෆිනෑන්ස්” හි සභාපතිවරයා ලෙස කටයුතු කළ චන්න ප්‍රබෝධ පලන්සූරිය මහතා ජනවාරි 31 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වන බව සමාගම සඳහන් කරයි. ඊට අදාළ අනුමැතිය පසුගිය ජනවාරි 28 වැනිදා පැවැත්වුණු සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ලබා දී තිබේ. පලන්සූරිය මහතා සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය.

2012 වසරේදී සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්බන්ධවී ඇති පලන්සූරිය මහතා මීට පෙර සම්පත් බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. 2016 වසරේ අගෝස්තු මාසයේ සිට පසුගිය වසරේ අප්‍රේල් මාසය දක්වා වසර දෙකහමාරකට ආසන්න කාලයක් සම්පත් බැංකු සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඇගලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන චන්න පලන්සූරිය මහතා ඒකාබද්ධ ඇගලුම් නිෂ්පාදකයන්ගේ සංගම් සමුළුවේ විධායක කමිටු සාමාජිකයෙකුද විය. එසේම ඔහු කලක් ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් වන සියපත ෆිනෑන්ස් හි සම්පූර්ණ කොටස් අයිතිය සම්පත් බැංකුව සතුවෙයි. මේ වනවිට සම්පත් බැංකුවේ කොටස් හිමිකරුවන් අතරින් වැඩිම කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ධම්මික පෙරේරාට අයත් වැලිබල් වන් සමාගමයි.

Visits: 142

Leave a Reply

Your email address will not be published. Required fields are marked *