අබාන්ස් ෆිනෑන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට ඩල්සි අයිවන් බ්‍රෝහියර් පත් කෙරේ…

අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී. හි නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස අයිවන් ඩල්සි බ්‍රෝහියර් මහත්මිය පත්කර ඇතැයි එම සමාගම දන්වා සිටියි. ජනවාරි 10 වැනිදා සිට මෙම පත් කිරීම බලාත්මක වෙයි. 

අබාන්ස් ෆිනෑන්ස් හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ඇන්තනි නානායක්කාර මහතා පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වීමත් සමගම හිස් වුණු ධුරය සඳහා බ්‍රෝහියර් මහත්මිය පත්වීම් ලැබ තිබේ.

ඩල්සි බ්‍රෝහියර් මහත්මිය වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකාවකි. 

ඇය මීට පෙර AMW කැපිටල් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ මූල්‍ය නිලධාරිනිය ලෙස වසර 11කට ආසන්න කාලයක් කටයුතු කළාය. 

අනතුරුව ඇය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මූල්‍ය වාර්තාකරණය සහ පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ට කළමනාකාරිනිය ලෙස පත්වීම් ලැබ තිබේ.

ඇගේ මෙම පත්වීම සඳහා මහ බැංකුව පසුගිය මේ වනවිටත් සිය අවසරය ලබා දී ඇතැයි අබාන්ස් ෆිනෑන්ස් සමාගම දන්වා සිටියි. 

ඇය වසර දෙකක කාලයක් ඇය අබාන්ස් ෆිනෑන්ස්හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර පසුව එම ධුරයට නිල වශයෙන් පත්වීම් ලැබීමට නියමිතය.

ඒ අනුව 2020 ජනවාරි 24 වැනිදා වනවිට අබාන්ස් ෆිනෑන්ස්හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේය. රුසි පෙස්ටොන්ජී මහතා – සභාපති, වී.කේ. චෝකි මහතා – ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂ, අජිත් එස්. රත්නායක මහතා – ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ, මායාන්ක් පරේඛ් මහතා – විධායක නොවන අධ්‍යක්ෂ, රෂ්මික නිසන්ග මහතා – මායාන්ක් පරේඛ් මහතා වෙත විකල්ප අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

Visits: 60

Leave a Reply

Your email address will not be published. Required fields are marked *