ඩොලර් බිලියන 10 සංචාරක ආදායම් ඉලක්කය ජනපති ගෝඨාභය 2030 න් 2025ට ගෙන එයි

2025 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 60ක් දක්වා වැඩි කර ගෙන, සංචාරක ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරගත යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සංචාරක බලධාරීන් අමතා පවසා තිබේ.

කෙසේ වෙතත් ජනපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ පෙරදැක්ම’ ප්‍රතිපත්ති වැඩපිළිවෙල තුළ මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ 2030 වසරයි. 

ඒ අනුව මෙම සංචාරක ඉලක්කය සපුරා ගත යුතු නියමිත කාලය වසර පහකින් ඉදිරියට ගෙන ඒමට ජනපතිවරයා පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ජාතික සැලැස්මක් කෙටුම්පත් කිරීමද මේ අනුව ආරම්භ වී තිබේ. 

මධ්‍යම රජය හා පළාත් සභා ඒකාබද්ධව මෙම ජාතික සැලැස්ම කෙටුම්පත් කිරීමට කටයුතු යෙදී ඇත.

පාස්කු ඉරිදා සිදුවීමට පෙර 2019දී මෙරට සංචාරක පැමිණීම් ලක්ෂ 30ක් වෙනු ඇතැයි පුරෝකතනය වී තිබුණි. ආදායම ඩොලර් බිලියන 5 ක් විය. එහෙත් පැමිණියේ සංචාරකයින් ලක්ෂ 19ක් පමණකි.

Visits: 31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *