ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය යාපනයේදී විවෘත කෙරේ.

මෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලයේ සහාය ඇතිව ඉදිකර තිබෙන ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය ඊයේ යාපනය විශ්ව විද්‍යාලයේදී විවෘත කෙරිණි.

මෙම පාවෙන සූර්ය බලාගාරය කොළඹ රාජකීය නෝර්වීජියානු තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් යාපනය විශ්ව විද්‍යාලය සහ බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලය අතර 2017 සිට සිදුකර තිබෙන පර්යේෂණ සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි.

පිරිසිදු බලශක්තිය සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම, දරිද්‍රතාවය අඩු කිරීම, සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම මෙමඟින් සිදුවනු ඇතැයි නෝර්වේ රජය දැඩි ලෙස විශ්වාස කරයි. 

පිරිසුදු හා තිරසාර බලශක්ති නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉතා වැදගත් යැයි විශ්වාස කරන බව එය විවෘත කිරීමට එක්වූ ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපති ට්‍රයින් ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය පවසයි.

අක්වෙරළ හා ජලජීවී වගා කර්මාන්තවල නෝර්වීජියානු සාගර දැනුම මෙම පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතිය සදහා පදනම් වී ඇත.

මෙමගින් කිලෝ වොට් 42ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව පැවසෙයි.

Visits: 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *