වසර 15කදී රුපියල් බිලියන 20.5ක් අහිමි කළ බැඳුම්කර වංචා සියල්ල වැසී යයිද?

වසර 15කදී රුපියල් බිලියන 20.5ක් අහිමි කළ බැඳුම්කර වංචා සියල්ල වැසී යයිද?

2002 වසරේ සිට 2016 දක්වා කාලසීමාව තුළදී මෙරට මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සිදු කළ වෝහාරික විගණන වාර්තාවට අනුව මෙරටට ආසන්න වශයෙන් රුපියල් බිලියන 20.2ක අලාභයක් සිදුව ඇතැයි සඳහන් වී තිබේ.

ඒ අනුව 2002 වසරේ ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළදී මෙන්ම 2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළදීද සිදුවුණු බැදුම්කර ගනුදෙනුවලදී මෙම මුදල් ප්‍රමාණය අහිමිවී ඇතැයි එම වෝහාරික විගණන වාර්තාවේ සඳහන්ව තිබේ.

2015 – 2016 කාලසීමාවේදී සිදුවුණු බැදුම්කර වංචා පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද බැදුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව, විගණකාධිපතිතුමාගේ සහ නීතිපතිතුමාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විදේශීය සමාගමක් වෙත මෙම වෝහාරික විගණනය සිදු කිරීමේ අවස්ථාව ලබා දී තිබුණි. 

ඒ අනුව ඉන්දියාවේ BDO India විගණන සමාගම මෙම වෝහාරික විගණනය සිදු කර තිබේ.

මෙහිදී වෝහාරික විගණන හයක් සිදු කිරීම සඳහා යෝජනා කෙරී තිබුණු අතර, ඉන් විගණන පහක ප්‍රතිඵල මෙලෙස නිකුත්ව තිබේ. 

මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 275ක් බව මහ බැංකුව පසුගියදා පවසා තිබුණි. මෙම විගණන වාර්තා පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු අතර, මේ වනවිට ඒවා ප්‍රසිද්ධියට පත්ව ඇත. 

BDO India සමාගම නිකුත් කළ මෙම වාර්තාවේ සඳහන් ආකාරයට 2005 වසරේ සිට 2015 වසරේ පෙබරවාරි 28 දක්වා කාලය තුළදී මෙරට මහ බැංකු බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව ඇති උපරිම පාඩුව රුපියල් බිලියන 10.5 (රුපියල් මිලියන 10,471.28) කි. 

එසේම 2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 දක්වා සිදුකර ඇති බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව ඇති පාඩුව උපරිම පාඩුව රුපියල් බිලියන 9.7 (රුපියල් මිලියන 9,681.15) කි. 

ඒ අනුව මූලිකවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ පාලන කාලසීමාවේදී මෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ පාලන කාලසීමාවේදීද මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේදී වංචා සිදුව ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. 

මෙම කාලසීමා දෙකේදීම සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 20.2 කි.

මේ අතර, අදාළ බැදුම්කර ගනුදෙනු හරහා සේවක අර්ථසාදක අරමුදල (EPF) වෙත සිදුව ඇති අලාභය රුපියල් බිලියන 8.7 (රුපියල් මිලියන 8,716) ක් ලෙසත් ගණන් බලා තිබේ. 

ඒ අනුව 2008 වසරේදී රුපියල් බිලියන 3.68ක්, 2009 දී රුපියල් මිලියන 226ක්, 2010 දී රුපියල් බිලියන 1.8ක් සහ 2011 දී රුපියල් බිලියන 1ක් ලෙස මෙම අලාභ සිදුව තිබේ. 

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් ඇලෝසියස්ගේ ධුර කාලය තුළදී ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් සමාගම හරහා 2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 දක්වා මිලදී ගත් භාණ්ඩාගාර බැදුම්කර පිළිබඳ විමර්ශණය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා මෙම ජනාධිපති කොමිෂම පත් කෙරිණි.

කෙසේ වෙතත් මේ වනවිට හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සමයේ සිදු වුණු බැදුම්කර වංචාවන් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ. 

ඒ අනුව මෙම වෝහාරික විගණනය හරහා පෙර පැවැති රජයන් දෙක වෙතම බැදුම්කර වංචා පිළිබඳ චෝදනා එල්ලවීම නිසා මේ පිළිබඳ කරුණු සියල්ල වැසී යාවිද යන සාධාරණ සැකයක්ද මේ වනවිට උද්ගතව තිබේ.

Visits: 47

Leave a Reply

Your email address will not be published. Required fields are marked *