ශ්‍රී ලංකා ටෙලිකොම් 5G අත්හදා බැලීමක…

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ස්ථාවර රැහැන් රහිත 5G සේවාව අත්හදා බැලූ බව පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධීක්ෂණය මත මෙම අත්හදා බැලීම සිදු කර තිබේ. 

එහිදී 3.5Ghz සංඛ්‍යාත පරාසය තුළ ස්ථාවර 5G සේවාවන් ඉතාමත් විශිෂ්ට අයුරින් ලබාදීමේ හැකියාව තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කරයි.

මෙම නව SLT 5G සේවාව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර නංවාලීමට මහඟු අවස්ථාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වාස කරයි.

එසේම බැංකු කටයුතු, මුදල් අයකර ගැනීම් සහ ගෙවීම් වැනි මූල්‍ය කටයුතු සඳහා කාලය හා ශ්‍රමය වැය නොකොට, තම ගනුදෙනු වේගවත්ව අධිවේගී අන්තර්ජාල සේවාව මගින් පහසු කරගැනීමටද ඔවුනට මෙමගින් අවස්ථාව හිමිවන බවත්, මේ කටයුතු සපුරාගැනීම සඳහා ඇති හොඳම විසඳුම නවතම SLT 5G බ්‍රෝබෑන්ඩ් සේවාව බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් වැඩිදුරටත් පවසයි.

Visits: 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *