සොෆ්ට්ලොජික් අශෝක් තවත් සුඛෝපභෝගී ඇගලුම් සන්නාමයක් මෙරටට රැගෙන එයි…

ලොව පුරා ජනප්‍රිය සන්නාම මෙරටට රැගෙන ඒමේ ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්ව සිටින සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ්ස් (පෞද්ගලික) සමාගම සිය අලුත්ම සුඛෝපභෝගී ‘ලක්ෂරි’ ඇඟලුම් සන්නාමය ලෙස GUESS නිමි ඇඳුම් මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබේ. 

එහි පළමු අලෙවි සැල GUESS Sri Lanka ලෙස පසුගියදා කොළඹ, ‍වන් ගෝල්ෆේස්හි පළමු මහලේ විවෘත කෙරී ඇත. 

ඇමෙරිකානු එක්සත් ජනපද සන්නාමයක් වන GUESS ‘ගෝලීය ජීවනශෛලිය සහ විලාසිතා සන්නාමයක්’ ලෙස මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන බව සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ්ස් (පෞද්ගලික) සමාගම පවසයි.

සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ්ස් සමාගම මෙරට ප්‍රසිද්ධ ව්‍යපාරික අශෝක් පතිරගේ මහතා සභාපතිත්වය දරන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමට අයත් සමාගමකි. 

අද වනවිට සිය සිල්ලර අලෙවි අංශය යටතේ ලෝකයේ වඩාත් ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික, ආපනශාලා සහ ඇඟලුම් සන්නාම රැසක්ම මෙරටට රැගෙන ඒමට එම සමාගම සමත්ව සිටියි.

ඒ අනුව Levi’s, Nike, Giordano, Mango, Charles & Keith, Tommy Hilfiger, Mothercare, Crocs, Pepe Jeans London, Fossil, Peter England, Lee, Wrangler, Splash, Cantebury සහ Body Shop යනාදිය සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ් හරහා මෙරටට රැගෙන විත් ඇති ජාත්‍යන්තර නිමි ඇඳුම් සන්නාම අතර පවතී. 

මෙම සන්නාම සියල්ලම ‘ලක්ෂරි බ්‍රෑන්ඩ්ස්’ ගණයට වැටෙන අතර ශ්‍රී ලංකාව තුළ ඒවායේ බලයලත් නියෝජිතයා වන්නේද සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ්ස් (පෞද්ගලික) සමාගමයි.

Visits: 43

Leave a Reply

Your email address will not be published. Required fields are marked *