විමල් සෞදියේ කිරි හොයයි…

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සෞදි අරාබියේ සිදුකල පෞද්ගලික සංචාරයකදී එරට විශාලතම කිරි සහ බේකරි නිෂ්පාදන සිදුකරනු ලබන ‘Almarai’ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබද නිරීක්ෂණයේ යෙදී ඇත.

එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අඹ, බඩ ඉරිගු, පේර වැනි ආහාර ද්‍රව්‍ය එම ආයතනය වෙත අපනයනය කිරීමේ ඇති හැකියාව සහ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබද සාකච්ජා සිදුකර ඇතැයි පැවසෙයි.

එසේම එම ආයතනයේ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග කෙටි පිළිසදරකට ද ඇමතිවරයා ඇතුළු පිරිස එක්ව තිබේ.

Visits: 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *