මිල්කෝ සභාපතිධුරය ‘යුතුකමේ’ ලසන්ත වික්‍රමසිංහට…

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා පත් කර ඇත.

ඔහු Haycarb PLC සමාගමෙහි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකය නිළධාරියෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කර තිබේ.

පසුව ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International (Pvt) Ltd සමාගමෙහි, විවිධ රටවල සැපයුම් දාම කළමනාකරණය සහ බදු වාර්තාකරණ මූලධර්ම පිළිබඳ විශේෂඥයෙකු ලෙස වසර 12 කට වැඩි කාලයක් ඔහු සේවය කරමින් සිටියි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ විශේෂ උපාධිය ලබා ඇති ඔහු, තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි ශාස්ත්‍රපති උපාධි දෙකක්ද ලබා ඇත. 

එමෙන්ම මේ වන විට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර උපාධියද (ජාත්‍යන්තර වෙළඳ) හදාරමින් සිටියි.

2015 සිට මේ දක්වා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරන අතර ඒ මහතා, ආරම්භයේ සිටම යුතුකම සංවාද කවයහි ලේකම්වරයා ද වේ.

Visits: 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *