සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව විදේශීය සමාගම් සංස්ථාපනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත සමාගම් හැර අනෙකුත් සියලුම විදේශීය සමාගම් ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇතැයි සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0112683908/09 දිගුව 245 හෝ ක්ෂණික ඇමතුම් 0112689616 හරහා දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශය අමතා දැනගත හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංස්ථාපනය යනු යම් කිසි සමාගමක හිමිකරුවන් සහ ආයෝජකයන්ගේ වත්කම් සහ ආදායම් වෙන් වෙන් වශයෙන් සහතික කිරිම පිළිබඳව සමාගම් නීතිය යටතේ සිදු කරන නීතිමය ක්‍රියාවලියකි. 

ඒ අනුව මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා පැමිණෙන විදේශීය සමාගම් නිසි ලෙස නියාමනය කිරිමකට ලක් කර ඒවා සංස්ථාගත කිරීම මෙම සංස්ථාපනය අත්හිටුවීමේ මූලික අරමුණ බව වාර්තා සඳහන් කරයි.

මේ දක්වා සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් පෞද්ගලික සමාගම් 103,832ක්, රජයේ ආයතන 4,375ක් සහ විදේශීය සමාගම් 1,603ක් ලියාපදිංචි කර ඇතැයි එහි වෙබ් අඩවිය තුළ සටහන් කෙරී ඇත.

මේ අතර, 2018 වසරේ සිට දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ඉලෙක්ට්‍රොනික ලියාපදිංචි ක්‍රියාවලියක් (EROC) ආරම්භ කර තිබේ. 

ඒ යටතේ මේ දක්වා පෞද්ගලික සමාගම් 18,731ක් සහ රාජ්‍ය ආයතන 74ක් ලියාපදිංචි වී ඇත. එසේම විදේශීය සමාගම් 30ක්ද මේ යටතේ ලියාංපදිචි කෙරී ඇත.

මෙරට තුළ දෙස් විදෙස් ආයෝජන ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව ව්‍යපාර සඳහා සුදුසු ස්ථානයක් බවට පත් කිරීමේ අදහසින් දියත් කළ ‘තනිකවුළු (Single Window)’ වැඩසටහන යටතේ මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පවත්වාගෙන යාමට සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණි.

Visits: 91

Leave a Reply

Your email address will not be published. Required fields are marked *