මහ බැංකුව ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික නිකුත් කිරීම ජූලි 01 සිට නැවැත්වීමට යයි

මහ බැංකුව ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික නිකුත් කිරීම ජූලි 01 සිට නැවැත්වීමට යයි

ශ්‍රී ලංකාමහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් වාර්තා කරනු ලබන අර්පණ අනුපාතික පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික SLIBOR (Sri Lanka Inter Bank Offered Rate) ලබන ජූලි 01 වැනිදා සිට නිකුත් නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

දැනට ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික හා සම්බන්ධිත ණය හෝ අත්තිකාරම් සහිත දේශීය මූල්‍ය වෙළෙඳ පොළ ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඇති විය හැති අපහසුතාවන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙලෙස ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික නිකුත් කළ බව පවසයි. ඒ අනුව ලබන ජූනි 31 වැනිදා දක්වා පමණක් මෙම අනුපාතික නිකුත් කිරීම සිදු වන බව මහ බැංකුව නිවේදනය කරයි.

“දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණය සඳහා වන පදනම් මිල තීරණය කිරීමේදී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළුව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරිම හා ප්‍රකාශයට පත් කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළෙඳ පොළෙහි දිගුකාලීන පරිණත කාල සීමාවන් සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරන ලද ඉල්ලීම් සහ දේශීය මූල්‍ය වෙළෙඳ පොළ තුළ විකල්ප පදනම් පොළී අනුපාතික පැවතීම මෙම තීරණයට හේතුව බව මහ බැංකුව පවසයි.

මේ තත්ත්වය හේතුවෙන් එම කාලසීමාව තුළදී අදාළ මූල්‍ය සේවා සැපයුම්කරු සමග සාකච්ඡා කර සුදුසු ආන්තිකයක් සහිතව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR), බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික යනාදී විකල්ප පොලී අනුපාතික වෙතට මාරු වන ලෙසටද වෙළෙඳ පොළ සහභාගිවන්නන් වෙත මහ බැංකුව උපදෙස් ලබා දී තිබේ.

මේ අතරම, වෙළෙඳපොළ පොලී අනුපාතික හරහා ආර්ථිකයට මුදල් ප්‍රතිපත්තිය හා මුදල් තත්ත්වයන් සම්ප්‍රේෂණය වීමෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පිරිවැය පිළිබිඹු කරන විකල්ප පදනම් අනුපාතිකයක් හඳුන්වාදීමේ ක්‍රියාවලියකද ශ්‍රී ලංකා මහ බැංකුව මේවනවිට නිරත වන බවද මහ බැංකුව සඳහන් කරයි.

Visits: 174

Leave a Reply

Your email address will not be published. Required fields are marked *